ආඩම්බරී | Adambari by W. D. Ariyasinghe

Sinhala song lyrics with music notes illustration

කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරී
සෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑ
මගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ

කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරී
සෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑ
මගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ

චංචල ඔබේ සිත ආයේ
මා පෙම අල්ලන්නේ නෑ
කදුලැලි නගනා කාලේ
මට තව ඉවසන්න බෑ
හදවත කකියන රාවේ
ඔබ හට නෑසේවි දෝ
සුසුමන් කලබන මාගේ ආඩම්බරී

හිරිපොද වැස්සේ මේ රෑ තිස්සේ
තෙමෙන්නට බෑ
දෑගිලි පතලා දිව ගිය මතකය
අමතක නෑ
සුසුමන් කලබන මාගේ ආඩම්බරී

උකුලට බර දී ආයේ
ප්‍රේමය විදගන්න බෑ
දෙතොලට සුවදුන් ප්‍රේමේ
මේ දුක උහුලන්න බෑ
නලලට සිපගත් ආලේ
ආයෙත් දැනෙන්නේ නෑ

මගේ හිත රිදවූ මාගේ ආඩම්බරී
සරසවි සෙවනේ ඔබ දුන් සෙනෙහේ අමතක නෑ
කාටත් නොදැනී නලලට තිලකය
තියනට බෑ
මගේ හිත රිදවූ මාගේ ආඩම්බරී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply