වලාකුළු පෙලින් බසින්න | Walakulu Pelin Basinna by W. D. Ariyasinghe

Sinhala song lyrics with music notes illustration

වලාකුළු පෙලින් බසින්න

ඇවිත් මල් ගැඹේ නිදන්න
චන්ද්ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මටද ආදරේ

අසාවී මෙසේ තුන්යම

දිලී තාරුකා මල් දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ
සුසුදු ආදරේ

දේවතාවියක් විලසින

පාන හස කැළුම් නුඹගැඹ
දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුඹගැඹ
පතා ඉන්නෙමී සඳ වත
ඔබගෙ ආදරේ
නුඹට ආදරේ

අහස් ගං කුසින් බැස ගෙන

මිහි මතට එම්ද කෙලෙසින
අහස් ගං කුසින් බැස ගෙන
මිහි මතට එම්ද කෙලෙසින
රැදී ඉන්නෙමී සැම දින
අහස් ගං කුසේ
දෙව්ලියක් ලෙසේ

දේවදාර තුරු පාමුල

තාම මම හිඳිමි තනිවම
දේවදාර තුරු පාමුල
තාම මම හිඳිමි තනිවම
දිනා ගන්නෙදෝ කෙලෙසින…..
නුඹගෙ ආදරේ…..
නැතිද ආදරේ……

තාරුකා වනේ සරමින…..

නුඹ නමින් දිලෙමි සැම දින
තාරුකා වනේ සරමින…..
නුඹ නමින් දිලෙමි සැම දින
සදා හිනැහෙමී හිඳගෙන…..
අහස් ගං කුසේ
නුඹට ආදරේ

මටද ආදරේ

නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
මටද ආදරේ

නුඹට ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply