හුඟ දෙනෙක් | Huga Denek by Master D [2020]

Sinhala song lyrics with music notes illustration

හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු
තව කෙනෙක් හිනැවුණා මගේ බැඳුණු
එකෙක් කර පිටින් තව එකෙක් හැදුණු
මිටින් හල කුරුල්ලෙකි මගේ මනදු
ඉතින් පරපුරක් ගැන හිතින් අඬ දූ
බතින් මගේ රටේ එක එකා හැදුණු
ගතින් හැඩි දැඩි සමහරක් ළදරු
ඉතින් උඹ එළා ගනින් රට පැදුරු

කිති කවන් මිස දිටු දනලන හිත්
ගිනි හිතින් දකි හැමදෙන දුර ළඟ නෙත්
මල පරවුණු කලා ඔයේ ඇඳි බිතු සිත්
හැම තනියම ගමනක් අරඹා පිටු හිස්
අතින් මිරිකා ගත්තා අනෙකගෙ පොඩි හිසේ ගස්
වතින් සරසා ගත්තා රටින් ගෙන මිටිකල පස්
මතින් ගලවා ගත්තා විසිකලා මන බැඳී බස්
හිතින් බරවා ඇත්තෙ මගෙ කවි උඹේ හිතේ වස්

පිරිහුනු කල දෙඩුවන ඕනා
රැපින් කරවුනු මනස හොයන්නෙ කෝමා
අතින් අත ගිය පොතකින් පවන් ද ඕනා
ඉතින් මගෙ රැපේ සුවඳ බලන්නෙ කෝමා
තමන් හිත තමන් හට හදා දේ විමනක්
සම වුව තම හට තමා පමනක්
නගා ගිරි පවා හිත නෑ නිවනක්
සරා සඳ මැදින් පවා අපි ගමනක්

දෙනුවන් කෑ මොර දෙන මහා සාමෙට
අකැප වූ
හදවත් තුල අදටත් සාගිනි මත පෙවූ
දේශය ගොඩ කෙරූ
කිරි ගැලුම් වල ගෙවී ගිය කාලය මත
තම ද්‍යානය නිදි කෙරූ
හිතේ තැලුම් වල මනුසම් තාපය ගැන
ලියූ ගී පද කියවපු
මහ කෙරුම් කල…

හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු…

හිත කපන කපන තැනින් නිති වැඩුණා
හිත තලපු තලපු තැනින් මන බැඳුනා
වත වැඩිම මිලට තියාගත් මැතිඳා
හිරි කපලා දුවන අසු ගත් බැවිනා
කන්පෙති සොලව ගත්තා දැකලා ඒ ගිඦිඳා
පොඩි හෙන්ඩුවෙන් ඇන්න නිලයටම ගොව්වා
රිදුන් නැද්ද තඹ තරම නොදැත එදිනා
ගිගුම් මැද මහ පොලොවෙ ඇදන් වැටුනා
කටින් කට ගිය රටේ අනුවන බස්

හිතින් වෙලා දන සම වැදි බස්
තව කෙනෙක් ළඟ ඇලවුනා හිත්
තමා ගැන හොයාගන්න වෙලා මිස්
වැව් කටු පොල් බැඳ ගලවන්න ඕනා
කැපු කැලෑ ගද වවාගන්න ඕනා
හති නිසා නිදි ලබාගන්න ඕනා
මට මගේ රට බලාගන්න ඕනා

හුඟ දෙනෙක් පරවුණා ළඟ මැදුරු…

written by Master D

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply