දවසක් දා රෑක | Dawasak Da Raaka by Channuka Devnindu [2020]

Sinhala song lyrics with music notes illustration

පුන් සද පායා ඇති රෑක
තරු අතරින් දුටුවා ඈත
එළියක් දිස් වූවා පාට
වාගෙයි ඔබ කී ඒ රහස

දවසක් දා රෑක

නිල් පාටින් බැබලූ අහස
සිහි කරවයි ඔබගේ දෑස
වළාකුලක් මෙන් මා නුඹගේ
පහසින් පාවී යයි ඈත

දවසක් දා රෑක
දවසක රෑ
අහසේ පෑයූ
තරුවක් වාගේ මා

දුටුවේ ඔබගේ රුවදෝ

පිණි කැට විසිරුණු මේ පියස
මත ඈ ගෙන මාගේ දෑත
තරුවන් දෙනෙතින් ඉගි පෑව
ආදරයයි ඔබකී රහස
දවසක් දා රෑක

ඈ හා මා
තරු හා සද සේ

රෑ අහසේ තනිකම මැකුවේ
දවසක රෑ අහසේ පෑයූ
තරුවක් වාගේ මා
දුටුවේ ඔබේ රුවදෝ

තනිවී මා හා
දවසක් දා රෑ
දවසක් දා රෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply