in Channuka Devnindu

දවසක් දා රෑක | Dawasak Da Raaka by Channuka Devnindu [2020]

පුන් සද පායා ඇති රෑක
තරු අතරින් දුටුවා ඈත
එළියක් දිස් වූවා පාට
වාගෙයි ඔබ කී ඒ රහස

දවසක් දා රෑක

නිල් පාටින් බැබලූ අහස
සිහි කරවයි ඔබගේ දෑස
වළාකුලක් මෙන් මා නුඹගේ
පහසින් පාවී යයි ඈත

දවසක් දා රෑක
දවසක රෑ
අහසේ පෑයූ
තරුවක් වාගේ මා

දුටුවේ ඔබගේ රුවදෝ

පිණි කැට විසිරුණු මේ පියස
මත ඈ ගෙන මාගේ දෑත
තරුවන් දෙනෙතින් ඉගි පෑව
ආදරයයි ඔබකී රහස
දවසක් දා රෑක

ඈ හා මා
තරු හා සද සේ

රෑ අහසේ තනිකම මැකුවේ
දවසක රෑ අහසේ පෑයූ
තරුවක් වාගේ මා
දුටුවේ ඔබේ රුවදෝ

තනිවී මා හා
දවසක් දා රෑ
දවසක් දා රෑ

banner

Leave a Reply