ආවේ මා නොසිතූ වේලේ
දයිවේ අප හිත් යා කලේ
දවසක් දා අහසේ දුටුවේ
ඔබගේ රුවදෝ
සුරගන ඔබදෝ
ඉන්නම් සැමදාම ඔබ ගාවින්
බාදා ආවත් නොසැලී ආලෙන්
තනිවෙන්නම් මා ඔබ හා
මේ ජීවිතෙන්
ඔබ මාගේ ආදරේ
පතමී ඔබ සංසාරෙත් ///
රූපෙන් මා මත්වී ඔබගේ
ප්‍රේමෙන් මා හද සැනසූවේ
දහසක් නෙත් ගැටුනත් සොදුරේ
ඔබ මාගේමයි
හද මා ගාවයි
ඉන්නම් සැමදා මම ඔබ ගාවින්
බාදා ආවත් නොසැලී ආලෙන්
තනිවෙන්නම් මා ඔබ හා
මේ ජීවිතෙන්
ඔබ මාගේ ආදරේ…///
ඔබ දකිනා හැම මොහොතක් ගානේ
මුලු ලෝකේ සැනකෙලියක් වාගේ
ඔබ නැතිදා මා අදුරේ
ඔබ මාගේ ආදරේ…///
written by Channuka
Leave a Reply