නෙළන්න බැරි මල් | Nelanna Bari Mal by Milton Perera

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

ආලෝකය දිදී දිළෙයි
පහන් ටැඹ කසුන්
මා ගඟ මැද ඉවුරු දෙපස
පෙනෙයි සුව දසුන්

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

කුමුදාකරයේ නෙත් යුග
යුවලක් දකිමි
සතපා පිබිදුන සිතුවිලි
ගොළුවත රකිමි

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

සුසුම් රැලි රැලි පැටලී
හමන මාරුතේ
නොනිම් ගිම් දෙවයි
කළු දුම් රැලකි ජීවිතේ

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

Leave a Reply