සිනමාවක් | Cinamawak by Master D [2021]

Sinhala song lyrics with music notes illustration

එක තැන නොම ඉන්න මගේ හිත නැවතී
අද දුවගෙන ගියා දුර ඇත නැවතී
පද මතින් කියාගෙන යන්න තමයි කැමති
මම දෙන්නම් රැපෙන් ගැලවෙන්න උඹේ මිතුරි
බියෙන් ඉන්නේ විලි
බියෙන් දෙන්නම් මිනි
ඉර හඳ පවා මට දීල ගියා ගිනි
ළඟ උන්නා පිරි සට සැකයි ඉමි
මම විදගෙන යන්නම් රැපෙන් විස කිරි

පොඩි හිසරදෙන් නිති ගෙන ආවා මට දෝසා
අද දැනෙන දේ මම රැපෙන් කියන්න ආසා
කියවන පොත පත රස කලා භාෂා
මගේ රැප නිදි කලා හිතේ ඇති ඝෝෂා
නිති පැල ඉන්නේ බස බර නින්දේ
පස්සේ බත සින්දු මට නැත නර නින්ද
තනි පයෙන් ඉන්දු වෙලා මැද සින්දු
කකියන උඹලට මගේ රැප කින්දු

පොඩි කලා පැබිලි උඹ බයෙන් ඇකිලී
අකුණට කැකිරි බැලුනද ඉදිමි
කිරි කැටි වදනින් ඇති පිරිමදිමින්
කව්ද කෙලින් ඉන්න බැරි
කැහැටු බල්ලා වැකිනි
බස දැන්නන් තේරී හුඟ දෙනෙක්ට මේරි
මම වෙලා මගෙ රැපෙන් හොඳටම වෙරි
සමන්ත බද්ද බේරී, සමහරක්ට නේවී
කරත්තයක් අරන් ඇවිල්ලා
රැප් කරන්න බේරී

අතමිට සරුසාර උනදාට පලබර
හිතමට සරුසාර දෙන්නම්
වැස්සෙන් රැප දාර
ගත්තා මල්ල පුරවලා යක්කා
මල්ල පැතුවාද
අදින් එක එතුවාද නැත්තන්
මල්ලි කර බාපන්
විස බෝමයි නේද අසමානයි මේක
හිත කකා උන්නාට උඹ පස්සට උනා බේද

අනකින් අතින් තවකෙක් නම් නතින්
ළඟ ඉඳන් ළඟින් බිරුවා කන කටින්
කරනින් රටින් වඩිනා උන්ගේ ළඟින්
මරනින් මතින් සරණ උනා නොදකින්
ඉතිම් තව බලන්නෙපා ළඟ එක දෙසමින්
හැම දුක දෙය ඉන්න කල්
ඉතිම් පරවෙන මල්
උඹ උනා සිරිමල් ඌ දැන් බීලා වෙරිමත්

ටීවිද මදිද සාලේ මවලා දුන්නට ලෝකේ
කවුරුත් දැන් පදිරි යෝකර්
වැටිලා දැවිලා බෝලේ
ගසන්නම් පද මේ ලෝකේ
දෙසන්නම් රැපනේ ඕනේ
මකන දමනා call
මගේ රැප අරන් එද්දි රෑ බෝවේ

මේක ජීවත් වෙන්න කරන සිනමාවක්
මේක ජීවත් වෙන්න කරන සිනමාවක්
මේක ජීවත් වෙන්න කරන සිනමාවක්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply