නූරි | Noori by Vishu Ms ft. D Rulz & Bobby Ky [2021]

Sinhala song lyrics with music notes illustration

දුර අහසේ තරු අස්සේ පෑයූ සදසාවි
රිදුමකි මා සිටිනා තැන ඔබෙ නෑ අද මම තනිවී
තරු කැට මා ගේ ලෝකෙන් මිදිලා දුර යාවී
නුබගේ හසරැලි මතින් මම ජීවත් වේවි

මතකය දැන්නම් දුවනවා ඔබහට තාමත් අද ලංවෙලා
අපෙ ආදර කතාව හිත්ගත් නෑ අද මාවත් තාමත් මත්වෙලා
නැවතිල්ලක් නෑ මේ ලෝකෙන් ඔබ අද මාගෙන් ආලෙන් වෙන්වෙලා
ගැලපිල්ලක් නෑ අපෙ ආදරේ කවදාවත් දැන් නම් අද නැවතිලා

දෙන්නගෙ ආදරේ මතකේ හැමදාමත් පවතිනවා
මේ හිමි නැති ලෝකේ මතකයන් වපුරනවා
දිවයනවා අතීතේට කතාවෙන් අදුරනවා
අපෙ ආදරේ ගැන නූරියේ මගේ අතිතෙන් අමතනවා

පාවි මතකෙන් ඈතට යනවා ඔයා
ආදරේ කලා අඩවන් මගේ නූරිහ් බබා
කෙල්ලෙ නෑ අමතක නෑ මට මවපු කෙනා
රැන්දුනෙ නුඹෙ සුවදයි දැල්වුනු ගොතපු කතා

කිරිල්ලියේ සුරංගනාවිය කෝ මගෙ ලෝකෙට දුන්න
ඉගිල්ලුනේ කාටත් හොරා නොකියාම
නුඹ යන්න
මතකය අතරින් තාමත් හදවත ගැහෙනවා රැව් දෙන මතකය ගන්න
හොයනවා නූරියේ කොහෙද මගේ අදුරේ පතුලේ අද ලෝකෙට ගන්න

ඈත ඉමේ පාලුව වී ඇයි නුබ දුර යන්නේ
තනියම මා ඇයි නොපෙනෙන්නේ මන්දාකිනියේ
නුබෙ දෙනුවන මා මතකන් නෑ ගිලිහෙන්නේ
දුර ගියේ ඇයි නුබමයි තාමත් මගෙ සිත විමසන්නේ

උබ ලග තියන් බාර හාර වෙද්දි මාර මාර සිද්දි හිතින් මාරු වෙ
මගේ ආදරේ හාර හාර එද්දි පාර පාර හිත යටින් වාරු වේ
අපේ හීන ලෝක පාට පාට වෙද්දි කාට කාට උනත් ඉතින් පාඩුවේ
ඉන්න බැරි නිසයි එහෙම උන්ට මම පාර වහල අද ඉන්නේ පාලුවෙ

අද හොයනවා හිස්තැන් ජිවිතේ අපෙ ආදරේ එක තැන හිතින් වැලලුවා
අද දිය පාර සැර උනත් කාලයක් ඔය මුහුදම මම එක අතින් කැලතුවා
එදා ඔරු පාරු යන්න බැරි උනත් අද අනවසරෙන් උනත් නැව් පිටින් ගිල්ලුවා
මතකද එදා මිල මුදල් නැති උනත් කොලු පැටියෙක් උබෙන් ආදරේ ඉල්ලුවා

මේ කතාව ලස්සනයි කිව්ව අය පස්සටත් ගිහින් නැවතුනා නේද එතනම
අපේ ආදරේ අත්සනයි නැති උනේ ඒක නිසා තනිවෙලා අද ඉන්නේ දෙතනම
මගේ හිතේ මගේ තනිකම කතා කරා ඇවිත් අසුන් ගන්න මගෙ තනියට මෙතනට
අද මතකයන් මතක් වෙද්දි අමතක කරගන්න බැරි නිසා කදුලැලි දෙනෙතට

මිරිගුවක් පස්සෙ දුවන් ගියා හුලං ගියා වගෙ දැනුනෙ නෑ මගෙ කකුල් දෙක රෝදේ
ඉතිරුවත් කිරි කිරි මුහුද නෙමෙයි ගොලු මුහුද වගෙ හැමදේම උනා අවබෝදේ
මගෙ ලෝකෙන් ගියත් කාගෙ උනත් නුඹ ගැන හැමදාම වගේ මගේ හිතේ නෑ ක්‍රෝදේ
කලගුන නැතත් කලහොද මතක් කරන් ලෝකේ මගේ තනිකම අද වෙලා රෝගේ

දුර අහසේ තරු අස්සේ පෑයූ සදසාවි
රිදුමකි මා සිටිනා තැන ඔබෙ නෑ අද මම තනිවී
තරු කැට මා ගේ ලෝකෙන් මිදිලා දුර යාවී
නුබගේ හසරැලි මතින් මම ජීවත් වේවි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply