සිංඤෝරේ | Singnore by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලා
ගමටම වැඩ කරලා සැමටම සෙත සදලා
දුන්නත් ඉතින් එදා මානාප නැතුව මෙදා
පැරදිලා අපේ මැතිතුමා

ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලා
ගමටම වැඩ කරලා සැමටම සෙත සදලා
දුන්නත් ඉතින් එදා මානාප නැතුව මෙදා
පැරදිලා අපේ මැතිතුමා

ගියපාර උඩින් දින්නේ මං මේ පාර ඇපත් නෑනේ බං
මොකද්ද කරපු වරද මං……

සිංඤෝරේ සිංඤෝරේ….
සිංඤෝරේ සිංඤෝරේ….
ගිය දේ ගියාවේ පැරදුනේ මං නැතිවුණේ මං
උඹලට නම් මොකද ඉතින්
සිංඤෝරේ සිංඤෝරේ….
සිංඤෝරේ සිංඤෝරේ….
ලබන සැරේ අපි දෙමුකෝ වැඩේ…….

පාරට තාර දැම්මේ මං ගමටම ලයිට් දුන්නේ මං
ගේ දොර හදලා දුන්නේ මං ඔච්චර කරලත් ගමට
සැලකුවේ නෑනේ මුං මට මේවා හොඳ පාඩම් අපිට……

සිංඤෝරේ සිංඤෝරේ….

රාණි කමලා ඇරියා පිටරට බැංකු ණයත් දුන්නා ගොවියට
ඒ කරලත් කතිරේ නෑ මට නැති අය ඇති අය කෙරුවා
කාගෙත් දුක සැප බැලුවා මුං කළගුණ අමතක කෙරුවා……

සිංඤෝරේ සිංඤෝරේ….

යන්ඩ එන්ඩ වාහනයක් නෑ මගේ වටේ හිටපු බොඩි ගඩිලත් නෑ
අනේ දැන් කව්රුත් ගණන් ගන්නේ නෑ
පත්තර වල මගේ විසතර නෑ ඉස්සර වගේ ටීවි එකෙත් නෑ
අනේ දැන් නම් මට ඉඳලා වැඩක් නෑ….

සිංඤෝරේ සිංඤෝරේ….
සිංඤෝරේ සිංඤෝරේ….
ගිය දේ ගියාවේ
පැජරෝ නෑ දැන් පිටරට සවාරි දැන් නෑ
එදා විඳපු සැප උඹලට තෙරෙන්නේ නෑ…..
සිංඤෝරේ සිංඤෝරේ….
සිංඤෝරේ සිංඤෝරේ….
අනේ මට මේ මොකද වුණේ

සිංඤෝරේ සිංඤෝරේ….
සිංඤෝරේ සිංඤෝරේ….
ගිය දේ ගියාවේ
සම්තින්ග් නෑ දැන් කොමිස් එන්නේ නෑ
ගහපු ගැහිලි අහුවුණොතින් රටේත් ඉන්න නෑ
සිංඤෝරේ සිංඤෝරේ….
සිංඤෝරේ සිංඤෝරේ….
සිංඤෝරේ සිංඤෝරේ….
සිංඤෝරේ සිංඤෝරේ….
ලබන සැරේ අපි දෙනවා වැඩේ…….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply