විසේ විසේ | Vise Vise by Centigradz [2021]

විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා
ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා
රැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයා
එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා

සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා…
අගේ බඳේ තාල ලතා හීංසැරේ පාද තියා…
ඉබේ වගේ දෑස බලා හීල් පොදේ රේණු සලා…
හදේ මගේ හීත වෙලා වාං පිරේ ආල නුරා…

ඉග සුග ගතහැකිය මිටින ඇගේ
ඕයාව කරගන්නද සින්නක්කර මගේ
හන්තාන වගේ පාළුයි මගෙ හිත තාම
මකන්නට එනවද පාර
එක දෙක තිය තිය පාද
ලස්සන පිරුනු හිනාව
මංගල කිංකිණි අහෙනවා මට තාම.
එක කතාවක් නෙමේ වතාවක්
මට ඇති හොඳටම ඔය එක හිනාවක්
ගිනිගත් හදවත් ගැස්සෙන පැද්දෙන ලස්සන රෑ තුන්යාමේ
අමතක වෙන් නෑ ඔයා ඉනාවක්.

අතේ අතේ ගෙතේ ගෙතේ කියඹු දඟේයා…
එතේ එතේ රනේ රුවේ පබළු ගෙලේයා…
කෙතේ කෙතේ බැතේ කොතේ උසට ඇතේයා…
සතේ සෙතේ නැතේ සිතේ සතුට වගේයා…

Leave a Reply