වෙල් ෆැන්ටා | Wel Fanta by Shana ft. Dr.BSKing [2021]

Sinhala song lyrics with music notes illustration

මගේ නම පාල
විශාරද ගහලම සව්කොල රෝල
රට ඉදි සීනි තමයි දැන් ඕන
මගේ බඩු සෙට් වෙන එක සම්බෝල

වෙල ලග තමයි සෙට් වෙන්නේ කට්ටිය
ලුනු මන්‍යොක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නේ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නේ පිරෙන්න හට්ටිය

දවසක් රෑ ටික ටික පෙරාගෙන එද්දී
ඇවිලුනා සෝමෙගේ කෙහෙල් යායම
බොරු කියන්න ඕනේ නෑනේ මහත්තයෝ
මම ආසම කාලෙට පායන

ඇඩ්ඩින් බන්ඩා පහල කඩේ සුනිල් තමයි
සැරටම වෙන්නේ දැන් දායක
මල්ලීගේ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නවා සුපිරිම ගායක

ලාවට ගහලා ආවේ මං අඩියක්
අවුරුද්දට පෙරනවා මං වඩියක්
ගනින් ගෑණියේ කන්න හදපු රොටියක්
කඩෙන් අරං වරෙන් මට බීඩියක්
රාලාහිමිලා නම් ආදාල නෑ
ඕවයිසීට තමයි බය

අපි එලියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකන් වෙලාව හය
කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනවා ඕවට කය
අත්පිට මුදලට විතරයි ගනුදෙනු
වෙන්නෙපා මට නම් නය

දානෙට මලගෙට මගුලට සෙට් වෙන
පට්ටම එලකිරි පදමක්
ශොට් එක ගානට දෙන්නේ මම
වැඩිපුර ගත්තොත් වැටෙනවා මෙතනම වරුවක්

ඕන්නම් කොක්ටේල් සොෆ්ට් ඩ්‍රින්ක් කේක් හදන්නත්
නියමයි එක්කල සරුවත්
පදමට ඉන්නේ බබරුත් සම වැදිලා
පාවලා දෙන්නෑ මැරුවත්

කවුද කවුද අර එනවා පේනවා
ගැන්සිය වෙන්න නම් බෑ
කට්ටිය දන්නවා 10න් පස්සේ නම්
මං බඩු විකුනන්නෑ

හප්පටසිරි පිපුනා ඇගේ හිරි
දැන් බැස්සා වෙරි අර පොලීසියෙන්
දැන් ඉවරයි දිව්වොත් මාට්ටු
කෑවොත් ටොපියක් මං හදිස්සියේ

අනේ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
මුගේ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

ගනින් බූලි ඔක්කොම කීයද
නඩුවක් දැම්මොත් දැන් හයි කෝට් නේ
බොලා මේ නඩුවක් අතේ තියන්
අපි දැක්කාම දාන්නේ තවුසන්ඩ් ටෝක්ස් නේ

අඩෝ කෙලින් ඉදපං මූන පුරවල දෙන්නෙ බොට
දැනටමත් හොදටම ඩෝප් නේ
කෝ ගනින් ඕක මෙහෙට
අප්පට මේ බඩු ශෝක් නේ

තනියෙම ආවේ නෑ දුවන්න හදන්නෙපා
පොලිසිය අගලෙන් අගලේ
බට බූලි ටිකයි අඩු කුඩුම ටිකයි ගනින්
කෝ තොපි හංගපු දගරේ

මේ සැරේ ජාවාරං කියලා නඩුව දෙන්නේ මං
ගැලවීමක් නෑ තොපිට
මම එස් අයි ශාන්ත
රැකියාව මෙහේ ගම බෙන්තර පාලමෙන් එපිට

එපා ලොරි ටෝක් හැබයි බඩු ටික ශෝක්
උබ සබ්ජෙක්ට් එකේ නම් රුසියා

උබලා නඩු බඩු හංගලා
ගෙවල් ඒම බංගලා
හොරෙන් විකුනන්නේ කසියා
අඩෝ පොට්ට පාල උබ
වැරදි කාරයානේ ගම් හතේම බඩු බෙදුවට
ඇත්ත නොකීවොත් රමනය කරනවා
පේන තුරා හද ආවාට

ඔය එක එකා ගනිල්ලා පෝලිම් කරෝලා
සල්ලි හොයන්නේ බොලා මිනිස්සු මරෝලා

ජිප් එක ගමු සාජියා මෙතෙන්ට හරෝලා
ඕකට ගහපිය වම් අත පුරෝලා

ඔහොම ඉන්න සර් ඕනෙම දේකට
තියෙනවා ඔප්ශන් දෙක දෙක
මම ජෙනුයින් මිනිහා සර් දිව්වේවත් නෑනේ
සර්ලා ඕම මෙහෙම එනවා දැක දැක
සර් බඩු ටික දාගන්න කොල්ලෙක් එවන්නම්
ඌ බාර ගනී නඩුව
අනේ සර් මාව අරං යන්නෙපා
කොහොම දරන්නද ගෑනිට මං නැති අඩුව

ඔය ඔක්කොම බස්සපං සාජන්
අපි ගානේ ඔක්කොම කොල්ලෝ ටික නිදහස්
මට පේන්න බැරි උබේ තමන් ගැන හිතන
අනුන්ට කෙලවන අදහස්
අඩෝ ආපස්ස හැරියන් අත් දෙක උස්සපං
ගහපං පාලයා දන
මූට මාංචු දම්මලා උස්සලා දාගනින්
උඹ දන්නෑ ශාන්ත ගැන

අනේ මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
ඕකගෙ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

මේන්න වැන්දා එපා මාව ගෙනියන්න
මං ආස නෑ මහපාරේ ඇලවෙන්න
ඕකගෙ බෙල්ලෙන් ආල්ලපං දුවන්න බැරි වෙන්න
දැගලුවොත් ගහපිය මූණ පොඩි වෙන්න

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply