Tribute to Sunil Perera by Infinity [2021]

Sinhala song lyrics with music notes illustration

කැටිකොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්…
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්…

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැමදේ
තවමත් මගෙ මතකයෙහි රැඳේ
නෙත් යුග මා දෙස යොමා
මගෙ මියුලැසියේ…
කුමක් කියන්නටද සැරසුනේ…

පාවෙන්න පිරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නැ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ

කොයි දේසේ ඉදලද එන්නේ – අගහරු ලෝකෙන් අපි එන්නේ
මෙහෙ ආවේ කුමටද අපි මෙහෙ ආවට අකමැතිද
ඔය තරම මිටි මොකද හලෝ මිටි උනාට අපි රජ කොල්ලෝ
තනි කකුලෙන් හිටගතහකිද ඔලුවෙන් හිටගෙන පෙනමුද

සුදු හාලේ බත් වේලේ සම්බෝලේ
රස දුන්නේ මුළු ලෝකෙම හදුනන්නේ
ලුණු හා දෙහි අපි දෙන්නා

අපි දෙන්නා එක් වීලා පන වාගේ
ලොවේ ඉන්නේ හැඩ පෙන්නා හිනා හිනැහිලා
සහයෝගෙන් වැඩේ දෙන්නේ

හැමතැන හැමවිට එක වගේ ගැලපෙන
රට දිව පිනවන රස ගුණ ගෙන දෙන
ලුණු දෙහි ලුණු දෙහි
කවදත් කොතනත් කාගේත් සිත් ගත
ජන හද ජයගත් කෑමකි රසවත්
ලුණු දෙහි ලුණු දෙහි
රම්පප රම්පප
රම්පප
ලුණු දෙහි ලුණු දෙහි
ලුණු දෙහි ලුණු දෙහි…. ලුණු දෙහි

බැදලා 25 අවුරුදු ජුබිලිය අංකල් ජොන්සන් ගේ
ගන්නා රෝයල් පාටිය අපටත් දන්වා එව්වා බොලේ
සොමියක් ගන්නට නියම චාන්ස් එක
අතහරින්නටත් බැරි හින්දා
මේ අපි ඩබලම ආවෙත් මෙතනට ආශික් ඔක්කොම ඇති හින්දා

අම්මෝ
වෙල්කම් කිය කිය ජොන්සන් දෙනවා අතට අත
ගෙස්ට්ලා ගෙනාපු තෑගි බෝග ගැනයි වයිෆ් ගේ හිත
පුදුමෙන් පුදුමයි දැක්කම ආසයි, පාටියක් ග්‍රෑන්ඩ් ම
ලොකු පොඩි පොරවල් ඔක්කොම ඇවිල්ලා නෑගැති හැමෝමම

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ ජුබිලි පාටිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

අංකල් ජොන්සන්
ජොන්සන් අංකල්
මේක ජොන්සන්ගේ රිදී ජුබිලිය

තේක්ක බුරුත නැදුන් කරුවල ලෑලි – ගෙනල්ල සෑදූ බඩු කාගෙත් මනලෝලී
හිටි පුර ලිය මල්කම් කැටයම් පේළී – දමාපු අල්මාරිද හොඳ බඩු මේ ලී

වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං
කිසිම හැඩක් නැති මෙලීය – අරගෙන මං කරන දිරිය
කපල කොටල ඉරල මැනල – හදන ලී බඩූ
වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මං

ලොරෙන්සෝ ද අල්මේදා
කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින්
ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා
සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා
කණු හතරෙම ලයිට් දාලා

බ්රැන්ඩි බීලා නොන්ඩි ගහලා
අම්බානක ගුස්පි දාල
ඉම්පෝටඩ් මොරිනාකා
ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා

අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා
යාලුවෝ කැන්දා තරගෙට බීවද මන්දා
නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
අයියෝ බොන්නට බැරිනම් මොකකට බ්ව්වද මන්ද
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා

බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලා
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් උදම් අනා
සතුරු කමින් පිල් බෙදිලා මිනිසා මුලා වෙලා

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදා වේවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply