ආදරේ පවසලා | Adare Pawasala by Dasun Madushan [2018]

ආදරේ පවසලා…
ආදරේ නමින් දිවුරලා…
නොකීයම නොකීයම
යන්න ගියා…

ආදරෙන් කී කතා…
අද ගොලු වෙලා
අද ගොලු වෙලා…
නොකීයම නොකීයම
යන්න ගියා…

යන්න ගියා…
යන්න ගියා…

නෑ හිනා වින්ද
කාලයක් හිතට
ඈ නමින් මියැදුනා…

ඈ ගෙනා හීන
සීත සෘතුවක
මීදුමෙන් පැටලුනා…

තෙලි තුඩින් ප්‍රේම
හද පුරා ඇදුන
සිතුවමත් බොද උනා…

ආදරෙන් තෙමුනු
හිත පුරා ගෙතු
තනු පවා වියැලුනා…

වේදනා කන්ද
ආදරේ උසට
ආකහේ ගෑවුනා…

ආකහේ ඉදන්
හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා…

තුන් හිතින් වින්ද
ශෝක දුක් කදුලු
ඈ අතින් පිසදමා…

ආදරේ නමට ගීතයක්
අලුත් තනුවකින්
ලියැවුනා…

ආදරේ පවසලා…
ආදරේ නමින් දිවුරලා…
නොකීයම නොකීයම
යන්න ගියා…

ආදරෙන් කී කතා…
අද ගොලු වෙලා
අද ගොලු වෙලා…
නොකීයම නොකීයම
යන්න ගියා…

යන්න ගියා…
යන්න ගියා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *