ආදරියේ | Adariye by Nadeemal Perera ft. Pasan Liyanage [2021]

Sinhala song lyrics with music notes illustration

මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ
දෙව්ලිය මගේ…
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ
රකිමී පණ ලෙසේ…

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…

මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..

ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply