ඇයි මම ආදරේ | Ai Mama Adare by Piyath Rajapakse

Sinhala song lyrics with music notes illustration

යන්නෙමී
පියඹලා
නිල්වන් අහස පුරා

සොයනෙමී
මගෙ දින පොතේ
සිටි ඒ කුමාරිකා

ඈ ගායනා
ඒ ගායනා
මුව තුරුල ඇති ඒ සුන්දර සිනහා
ඇය වෙසෙනා පෙදෙස කියයි

සුලගින් ඇය එවනා පෙම් හසුන්
හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්
තරු මෙන් මග පෙන්වයි

එක රෑනින් රෑනින්
එන්නෙමී
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී
මුලු ලොව පුරා
ආලෙන් ආලෙන්
එන්නෙමී
කුමරිය සොයා
එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී
මගෙ ලොව කරා

ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා

ඔබ මට ජීවිතයේ හමුවූ
එක නවාතැනක් පමණයි

තවත් විටක මට සිතුනා මෙසේ
ඒ දැන්
ඔබ මගෙ ජීවිතයයි

එක රෑනින් රෑනින්
එන්නෙමී
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී
මුලු ලොව පුරා

ආලෙන් ආලෙන්
එන්නෙමී
කුමරිය සොයා

එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී
මගෙ ලොව කරා

ආදරී කියන්න
ඇයි මම ඔබෙ සුසුමේම
දැවටෙන්න ආස

ආදරී කියන්න
ඇයි මම ඔබ හට ආදරේ
ඇයි මම ආදරේ

ඇයි මම ආදරේ

ඔබ මා ලග නැති වූ දවසක්
මා හට මෙලෙසින් හැගුනා

එක රෑනින් රෑනින්
එන්නෙමී
ඔබ සොයා යායෙන් යායෙන්
සොයනෙමී
මුලු ලොව පුරා

ආලෙන් ආලෙන්
එන්නෙමී
කුමරිය සොයා

එක දිනයෙන් දිනයෙන්
ලංවෙමී
මගෙ ලොව කරා

ආදරී කියන්න

ඇයි මම ඔබෙ සුසුමේම
දැවටෙන්න ආස

ආදරී කියන්න
ඇයි මම ඔබ හට ආදරේ
ඇයි මම ආදරේ
ඇයි මම ආදරේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply