ආකාස බිංදු | Akasa Bindu by Sanka Dineth [2022]

මිහිතලේ සංතාප ඉහලින්
වළාකැටි ලෙස දරා ගත්තු
වරාගෙන ආ විසල් ලෝකය
හාදුවක් දී බාරගත්තූ

මෙකිය දේ පිරි පතම ඇද ගෙන
නිහඩ වී ගෙන බලා උන්නූ
දරාගන්නට බැරිම තැනදී
වැටෙනවද ආකාස බිංදු

සැතම දී
සත වෙතම දී
හිස උඩින් රැක බලාගත්තු
අතුල මරු වැල්
අකටයුතු කම් ඇස් දෙකෙන් දැක
බලාගත්තු

ලෝකයේ දියුණුවේ දන්සල
සියොලගම කිලි පොලා ගත්තු
දරාගන්නට බැරිම තැනදී
වැටෙනවද ආකාස බිංදු

ප්‍රබලයින් ලොව දුබල අතපය
මිරික මිරිකා සිනා සෙද්දී
ඉන්ද්‍රචාපය වී මුදා හල
වේදනා මැකිලා නොයද්දී

මිනිස්කම නැති මිනිස්මහිමක්
දෙහා සැමදා බලා උන්නූ
දරාගන්නට බැරිම තැනදී
වැටෙනවද ආකාස බිංදු
ආකාස බිංදු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *