හැරගිය දා | Haragiya Da by Savindi Sithmini ft. Sanka Dineth [2022]

Sinhala song lyrics with music notes illustration

ඇස් ඇහුවෙම නෑ අදත්
හිස් වෙනවද වෑහුනත්
දස් කිව්වට මා උනත්
දිස් නොවුනෙද ස්නේහයක්

හිත් බිඳුනාම කැඩුනාම
මං විතරයි හැදුවේ ම
ප්‍රේමයේ නාමයෙන්
එය දැනුනාද දැනුනාද
නුඹ විතරයි දන්නේම
මගේ ආදරේ ඒ තරම්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

ඇස් ඇහුවෙම නෑ අදත්
හිස් වෙනවද වෑහුනත්
හිත් බිඳුනාම කැඩුනාම
මං විතරයි හැදුවේ ම
ප්‍රේමයේ නාමයෙන්
එය දැනුනාද දැනුනාද
නුඹ විතරයි දන්නේම
මගේ ආදරේ ඒ තරම්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

කඳුලු කඳු මැද නිම්නයේ
නිමුනාද ඒ සුසුම් දියේ
මතක හිරි කඩ සාගිනේ
අත් නොහැරුන වස්සානයේ
ඉතිම් අපේ රහස නෑසි ගියාවේ
වැසී ආදරේ සිහිනයන්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply