රන් මලක් ලෙස | Ran Malak Lesa by Wake Up Sri Lanka [2022]

Sinhala song lyrics with music notes illustration

රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා අම්මා නසන්නට
නෑ අපි ඉපදුනේ

දේශයේ ප්‍රේමයේ නාමයෙන්
එන මුසාවාද ගැන සීරුවෙන්
අතීතෙන් ඉගෙන ගමු සීරුවෙන්
අනාගත ඉගි අසා සීරුවෙන්
අනතුරෙන් ගැලවී සීරුවෙන්
අසීරුම තැන අපි සීරුවෙන්

දෑතෙ ලේ ගෑවෙනා පාපයෙන්
අත්මිදෙන්නේ අපි සීරුවෙන්
අත් හැරෙන්නට පෙර සීරුවෙන්
අවශ්‍යම තැන අපි සීරුවෙන්
තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්

රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට නෑ අපි ඉපදුනේ

රන් මලක් ලෙස දෙව් භඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
දරුවෝ වෙලා දරුවෝ නසන්නට නෑ අපි ඉපදුනේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply