අතුරු සිදුරු නැතිව | Athuru Siduru Nathiwa by Chamara Weerasinghe

Sinhala song lyrics with music notes illustration

අතුරු සිදුරු
නැතිව පිරුණු
සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප්‍රේම කරන නන්දොඩවන
තරු විසිතුරු ලොවේ
මම දොරටු පාලයා

අතුරු සිදුරු
නැතිව පිරුණු
සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප්‍රේම කරන නන්දොඩවන
තරු විසිතුරු ලොවේ
මම දොරටු පාලයා

හිස් අතේ දුක දරා
නෙත් දෙකේ සැප පුරා
මම රෑ අදුරේ
ගෙට ගොඩවෙනවා
මගේ දරු පැටවුන්
තුරුළු කරන්
ඔබ හිනැහෙනවා
මට රජ සැප
මගේ ගෙදරම වෙනවා


මගේ හිතේ දුක වෙලා
තනිකමේ තනි වෙලා
මම රෑ අදුරේ
සිහින දකිනවා
රස මසවුළු අතරේ ඉදන්
අප හිනැහෙනවා
මම ඒ සිහිනෙත්
දොරටු රකිනවා

අතුරු සිදුරු
නැතිව පිරුණු
සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප්‍රේම කරන නන්දොඩවන
තරු විසිතුරු ලොවේ
මම දොරටු පාලයා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply