බැද්දට සඳ වගේ | Baddata Sanda Wage by Chamara Weerasinghe

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ
රන්කඳ වී මගේ

මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ

මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
යන්ට එපා
උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ
රන්කඳ වී මගේ

මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ

මහ බල ඇති කළු
බණ්ඩාර දෙවියන්ට
මහ බල ඇති කළු
බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ නෑනී සහේට ගන්ට හිතා
මගෙ නෑනී සහේට ගන්ට හිතා

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ
රන්කඳ වී මගේ

මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්

බැද්දට සඳ වගේ ගෝමරි
මල් මද කැකුළියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *