බල්ලො | Ballo by Drill Team ft. Manasick [2021]

Sinhala song lyrics with music notes illustration

ඉහේ ඇම්මට බොලා මාරු කලා නේද කොට්ටයක්
කරගහපන් නාට්ටාමින් ණය බර මුට්ටයක්
“වීරයෙක් ගෙදර ඇවිත්” දැන් ඌ මයි දුෂ්ටයත්
බොලට කැව්වා රසට අනා-වැකි තොටවත්ත පොට්ටයත්

මේ සාගින්නේ සාගතයන් බලව් හිස ඔසවා
දායාද කලේ උන් නියගයි නටපන් කිරි කොරහා
ඔය කුමරුන් උගනීද බඩගින්න සොඳවා??
සිංහයනි දැන් සැපද? උන් මුලසුනක හොබවා

මේ පාර කිව්වේ නෑ චික් චික් හුනාවත් ,
මේ කනයා පණ්ඩිතයා හ්ම්ම් සද්ද නැහැ ලුලාවත්
අප්පච්චි කොහොමද?? අපිව කන්නේ දැන් සූරාවත්
ඔටුන්න උදුරගන්න නැද්ද ළඟක චුලාවත්

අතීසාරෙට අමුඩේ ගැහුව තොපිල කාලයක්
උබල අබ කාලා මගේ මොලේ දනවා තොපිනම් සාපයක්
බණත් තිත්තයි මේක අබුද්දස්ස කාලයක්
රටක් තටමද්දී ඇරුනේ නෑනේ තොපේ එක ස්වරාලයක්

හැංගිලා ඥානයේ සාරේ මොලේට ලේ වැඩියත්
වරෙව් වන්දනාවේ කොළඹ තියේ පාස්කු මිනී වැටියක්
ස්වාදීන පුවතක් නැතිව පාලුයි සාලෙත් සැටියත්
ජනරජය නිකන් වැකියක් ඒ ප්‍රජාතන්තරේට දාපු ජැටියක්

වේලක් කන්න සටනේ අපිට කොහෙද විරුදින
රටට “ඉසුරු යෝග” දිව්රුවා පවා මුතුමිණ
රජෙකු නොවේද කෙරෙව්වේ අභිමතෙන් කව් සිළුමිණ
අඳුරුයි ලංකාදීපේ පායලත් අද දිනමිණ

සිංහ ලේ කිරි වුණා දැන් වාවන්නේ නෑ පයෝදර
දිනෙව්වා පවුල් සංස්ථා පිටිං බොලා සහෝදර
දැන් බලයේ චුලෝදර – ඊගාව මහෝදර
චීනෙට උළුඅස්සත් ලියල ඇරලා දාල මූ දොර

උබෙත් මගෙත් වින්‍යාසය වාරණ කල භාෂාවක්
ජය වේවා වගේ මේවා උබලට ගාථාවක්
මේ රටේ මළවුන් මත කරපන් සතියක් පාසාවත්
මරුවා ප්‍රේමකීර්ති අල්විස් හේතුව බලයට තිබ්බ ආසාවක්

ඒ මිනි පොහොර වෙලා වැඩුනත් බලවත් මතයක්
දනිහෙන් වැටෙන්න උබට පාර කියයි උන්ගේ තුවක්කු බටයක්
ආර්ථිකය බීමත් වේගෙන් ගෙවපන් ඒ දඩයත්
මේ ජවනිකාව උබටත් මටත් බං “හුණු වටයක්”

කරිජ්ජ පාග පාග කියෙව්ව එකම රට බං
දිව මැද්දත් මිනී ගඳයි ඕකුන් ගාව මට නං
වන්නිල ඇත්තත් රටෙන් මාන්දු කරයි ජිවන බරත් පටවන්
උරු වරිගේ තිසා හාමි ඕවායි හීනෙන් කිව්වේ මට බං

බිඳලා බිසෝ කොටු උතුරා පිටවාන
දැන්වත් නවත්තපියව් සංස්කෘතිය උන්ගේ පිටේ සබන් ගාන
“දැයේ පියා” මට මතක් වෙනවා උගේ උදිකාර
හම්බකලොත් අපි කනවා බලපන් උමන්දාවේ දාන

ඉව කරලා අහක බලන් ඉන්න බල්ලෝ
ලෙව කාලා මැරුවත් බුරන් නැති බල්ලෝ
පහර එතනම බුදියන බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

ඉව කරලා අහක බලන් ඉන්න බල්ලෝ
ලෙව කාලා මැරුවත් බුරන් නැති බල්ලෝ
පහර එතනම බුදියන බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
තාමත් ඉව කරලා අහක බලාගෙන ඉන්නේ ඇයි කැ* බල්ලෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply