හොල්ලන් නෑ | Hollanna Na by Apzi ft. Smokio & Adeesha Beats

Sinhala song lyrics with music notes illustration

ඕනම දේවල් හොදට පේන්න
පොත් අතර ලියාගත්තා මං

හොදම දේවල් හොදම තාලෙ හොයන්
ඒ මත්තේ තියාගත්තා මං

මොන මරාලෙත් හොදටයි

🌙 හීන සහ අරමුණු

හොදම හීනමයි පේන්නේ
නිදා ගත්තමත්

ඒ නිසා,
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට
හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

හොදම හීනමයි පේන්නේ
නිදා ගත්තමත්

ඒ නිසා,
හොල්ලන්නම් ලංකාව
හොල්ලන්නම් ලෝකෙම

හොල්ලන්නෑ එක අඩියක් වත් පස්සට

ඕන හැමදේම ගත්තා
මං ගාව ඕන නැති දේ
ඉතාමත් අවමයි

හොද නැති දෙයක් ආවත් ලගට
හොද පැත්තට
දාගන්නවාමයි

මොනා උනත් මං අවංකයි
ඔව්,
ගොඩක් දේවල් කලේ
මං ආත්මේ මරලයි

හොද පැත්තේම
ඒකයි ඉන්නැත්තේ

මං පැත්තක් ගන්නේ
අවස්තාව බලලයි

හොද පැත්තක් පෙනුනාට ලෝකෙට
අනෙක් පැත්තේ
අන්ධකාරයෙක් බබලයි

මොන තරම් ගිලුණත් අදුරේ
මං පාර කිව්වේ
එලියක් කරා යන්නයි

ඉඩෝරෙකදී
කොහොමත් හැලෙනවා කොල

ඒකයි ලෝකේ
ධර්මතාවය සරලයි

පොද වැටෙන්න
පමා වූ නමුත්

දැන් හෝ
ගාන ශබ්දෙන්
වර්ෂාව අත ළගයි

මං පොර ජාතකේ
පෙන්නාපු චරිත

කොළඹ පැත්තේ ආවොත්
නම් අවසානයි

සංවර උනානම්
මං දාන වචන

පොඩි පැටව් ටික
තාමත් දගලයි

දන්නේ ටිකයි දෙනයි
දන්නේ ගොඩක් දෙනෙක්

තිරයේ ඇති
කතාව පමණයි

එක එකා වෙනුවෙන්
කාලේ නොකා මං

කාගෙන එන්නේ
ආයෙත් වතාවක්
රගන්නයි

තාමත් මතකයි
පටන් ගත්ත තැන

වෙනස් වුන්නෑ
මං තාමත් මම මයි

කාටත් මතක ඇති
මේ චරිතේ

රගපාන උන්ට
මාව අපලයි

Smoka වයි
Apzi වයි
Adeeya වයි

දැන්ම මැරුවේ නැත්නම්
ඔය කාවවත් අඩවයි

ගොඩක් නෑ
මට බලාපොරොත්තූ

ඒත්,
ඉලක්ක ඇත
ගගක් මෙන් ගලන

ගොඩ දැමූ මාලුවාට ලේසින්
ඕනේ මටත්
නදියක් කරා යන්න

පොර බැදූමුත්
යදම් පටලාගෙන

කොහොමටවත් බෑ
මාව ගාල් කරවාගන්න

නොදැමූ තුරගා
හා සමානයි මං

දොරකින් බෑ
මගේ පාර වහන්න

මොලවන්නෑ
මං ගිණි ආත්ම දවන

මොලකන්නෑ
මං විශ්වාසය ලබන්න

හොල්ලන එකයි
අභිලාශය සක්වලම

හොල්ලන්නෑ
එක අඩියක්වත් පස්සට

Sinnerman
I got no synonyms
Nails be fly and prim
These hoes they lost their rim

Bitches running when they hear my name
They wanna play but they dunno the game
I don’t give a fuck about fame
These shriggas insane all of their bars be so lame

Lifeless, no aim
Look who I became
I stay in the frame
I’m come in flames
Hah!

හොල්ලන්න බෑ මාව
එක අඩියක්

ඔව්,
මං ගන්නෑ
පස්සට තව අඩියක්

හොල්ලන්නෑ
එක අඩියක්වත් පස්සට

Written by Apzi & Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply