සත්‍යක් සොයා | Sathyak Soya by Minol Witharana | Naraa Sandeshaya [2020]

සත්‍යක් සොයා
දෑස පෙනෙන මානෙ
මා සායම් කලා පාට අරගෙන
දැක පැසැසුම් කලා මාව
හදවතින් ඒ තරුත් සැඟවිලා
මං පාට කලේ ඇහැට
වාද කලේ පෑන
තනි පාට වයිවාරණ
අංග චලන


එදා හඳට ලිව්වත් අද
ළඟට ගන්න බැරි පදිරි නෑලූ
කට කෙල නෑ කියාදෙන්න
ලියාදෙන්නම්
පොතකට පතකට අතකට
හිතකට ඉඩ හරින්න
ඇයි පුරවගත්තේ ඔලු
විසකට විඳගෙන හිත
පුරාම බොරු
වරෙන් හිත දමන කරන්
මං ළඟට බලන් මං
අඳින පාට දැන්
අසංවර සවන යදම් බැඳදමන
වදන් ගල්වනයෙන් මා අතින්
මා හදවතින්මයි

විශ්වය පුරා නැගෙනවා සිතුවිලි
සිතුවම් කලේ මගේ මනසයි
උඹේ සවණයි

ආලෝකය නැති විට
සෙවණැල්ලද මා අතහැර
යන්නේ වටපිටාව
මම තනි උනාම රතු උනාම
ඇස් බෑ කිසිවක් කර කියාගන්න
අපි ගෙනාව වෙලාව උපන්ම දා සිට
විනාව හිනාව ගෙනාවත් මනසට
විල විලාපේ ඉරිසියාවෙන්
නැටි ගැලවුනාම උනාද
මනුස්සයෝ


ගෙන ගෙන මත වෙන වෙනම
හෙලුවද නැත
හෙලුව නිරුවත් වෙලා
ඔලුව කුඩු වෙනකන්
පැලුවද කලු ගලක
නැත ඒ ප්‍රශ්න ඇත විසිරිලා
මද කිපෙනවද තාමත්
ඒ සප්ත ස්වරයකට
මම ලිව්වේ නිමෙන්න
වෙනස ඒකයි
නැද්ද ඔලුවක් හිතන්න
උඹ ලිව්වා මරන්න
මක් කරන්න

වෛරෙන් බයෙන් තැවෙන පේන්නෙ දේ
තේන්නෙ වෙන පේන්නේ
ඒත් අඳින් සෑම දේක බැඳුනු
තැල් නිතැල්ප හිතන්නත් මනසක්
නිතර නිතර පොර බඳිනවා
දෙනෙතින් මුවින් කියන කේන්න
තේන්නෙ වෙන වෙන විසිල් වදින
දෑසට පේන අංකිපන හේ හෑ වෙන
කැඩපතක බැඳිලා මම අඳිනවා..
විඤ්ඤානය මත පිපෙන
පැතුනද කිපෙන හැටි
අතකින් වැඩ කෙරුවා
පොතක ඉවර වෙන තැනක්
පෙන්නුවත් නිමි හිමි තැන


සාරාංශයක් හෙව්වා
මට පිලිකුල් බිලිව් පිරිස පිරිහිලා
පිබිදුනු කිනිස මිනිස අතර
නිතර මිතුරු වුණු
සුහද ගුණද ගතට පවද පිවිතුරු
විමසයි මිනිසෙක්
යන එන මඟ මුණගැසුණු

මේ ලියන වියන හීන ඇරුණම
කව්ද මම
පියෙන ඇස් කියන නිවන
මම මැරුණමද
විනිවිද දකින මිනිසුන්
අද පැහැදුනාත්
හීන වෙනවනම්
මා පැරදුනාත්
පුදුම වෙන මිනිසෙකුගේ
ඇරඹුමාත්

විශ්වය පුරා නැගෙනවා සිතුවිලි
සිතුවම් කලේ මගේ මනසයි
උඹේ සවණයි

අවළස්ශන | Awalassana by Manasick & Minol Witharana | Naraa Sandeshaya [2020]

හිත කීරි ගසයි තනිකම
කරයි කුමන්ත්‍රන නොයෙක්
දේ විමසයි පිරික්සයි
විනාශ ජීවිත තාම විස්සයි
සොයමි ජීවිතෙ අගිස්ස
අතේ කිනිස්සයි
ඔය පාමුල ගැහුවෙ
මම දණිස්සයි
ඕනෙම නැති දේ
මට නම් විනිශ්වයි
කොනිත්තයි උඹලා කල
විහිලුව මට විහිලුවක්
නෙමෙයි යාලු හිරිගඬු
පුලුප්පයි

මම පන්තියෙ පස්සෙම
මගහැරියා හැම තිස්සෙම
ප්‍රශ්නෙම
මම පන්තියෙ පස්සෙම
විහිලුවක් වුනේ
උඹලට මගෙ වස්සෙම
කිව්ව මට තරබාරු
කැපුවා මාව තියාගෙන
ලෑල්ල උඩ පණපිටින්
වගේ මාළු
කොටු කලා මාව පවුර වගේ ගාලු
ලස්සන නෑලු හරි
ඇයි එහෙම කලේ යාලු

මොනවද අම්මෙ අකුරු ජාතියක්
අහනවා මගෙ අම්ම ළඟ
නැති කාලයක්
තාමත් එහෙම්මයි මම
උනා භාරයක්
තාත්තට දුන්නෙ නෑ
තුන්මාසේ දානයක්
ඕන වුනේ හැමදාම අවධානයක්
ඒත් මගේ ජීවිතෙ රජ කලේ
අවමානයක්…
අවමානයක්…
කන්න දුන්නෙ කෑම එක
උන්ට මම පාසලේ මාසයක්
අම්මා බිහිකල


අංග විකල
පාලමෙන් දමන්න මෙනෙහි කල
ලස්සන දරුවෙක්ලු හරි ඉහල
හිත සැරිසරන්නේ නියඳි වල
යනවා ගමනක් හොයන් ඉබාගත
ප්‍රශ්නය අද පැහැපත් හමේ පාට
වාරුව වයසට ගිය දාට
ඉඳුනු කොන්ඩේ
අද කලු කෙරුවාට

කැත විරූපි ලස්සන අවලස්සන
වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව
නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන
අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන්
කල වරදට ඉකිගස්සයි
දණගස්සන
මම හසංක හෙලා දකිනවා
වචනය අවලස්සන

මනසේ වැඩි වැඩි ඇවිද
කැපි කැපි නැවත
හිතින් තැතිගෙන නිතර
තැලි තැවි නැවත මතකයන්
අතර තැනි තැනී තියන
ඌ හැංගි හැංගී නිතර රූල්
පොතකුත් අතකින් අරන්
කල්පනාවක් ආවාම හූල
තැනක් නොතැනක්
ගානක්වත් නෑ
ගැහුවා ගල් ඇඬුවනම්
කමන් නෑ
ඒත් උඹ නිසොල්මනේ

උඹට රිදෙනවාද නිකන් ඇහුවෙ
දැනෙන විදිහට මිනිස් හිතකට
මනසකට පුලුවන් මතකෙට
තැවිලි දැවිලි දුක් ගැනවිලි
අතරමන් කරලා තනියම වේදනාව
දෙන හිතක් හඬවන්න පුලුවන්
ගෙන ඒ චේතනාවෙන්
වියන් තව කෙනෙකුට සිනහව
උඹට ඇහැනවාද අවජාතක
මොනවද කා ළඟ
ඉඳගත්තත් උඹ
මං ළඟ නම් ඉඳගන්
නෑ පලයන් පිටිපස්සට
මට ලස්සන දේවල් මට ලස්සනයි
අවලස්සනයි උඹේ

වෙනස මෙලෙස පේන ලෙස
නිවට නිහඬ හිත
නිසල ලෙස ගැඹුරු මුහුද
නෙත් තෙමන දුක සැප කිරණ
ළඟ නිදන හදවතට නිතර කියන
මගෙ නිවස කාගෙත් නිවස
දිරණ මේ කුණු සිරුර
උඹ නිතර විලවුම් පුරවාගෙන
චිත්‍ර මවාගෙන
ඉන්නේ ඇයිද කාගෙන
ඇයි වැරදි නෑ ඌ
හිටියත් බිම බලාගෙන
දිවිනසාගන්න තියනවද
ප්‍රශ්න මිතුරේ උඹට
උඹේ හිත හඳුනන


කෙනෙක් හිටියත් ඈ
හීන කලා අද ලොකුම
කොහෙද මනුස්සකම්
දෙවියන්ටත් නැති
හිතින් යැදපන් දෙවියන්ටත්
මං නැති
අද හවස ආයෙත්
ඉර නඟිනකන්
උඹ කිරපන් ජීවිතෙ අරුත

කැත විරූපි ලස්සන අවලස්සන
වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව
නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන්
කලවරදට ඉකිගස්සයි
දණගස්සන
මම මිනෝල් හෙලා දකිනවා
වචනය අවලස්සන..

පලමු ණින්දා ළේඛනය | Palamu Nindha Lekhanaya by Manasick & Minol Witharana | Naraa Sandeshaya [2020]

Yo bro
ඔයාගේ song එක trending කීයද
අනූමිලියන විහත්පන්දහස් නවදහස්
අසූතුන මිලියන හතලිස් රියන් තුන
හිටං

ධෙවැනි ණින්දා ළේඛනය | Dewani Nindha Lekhanaya by Minol Witharana | Naraa Sandeshaya [2020]

හිටියත් නිදන්
පෙරවන් නිදන්
නින්දක් නැත්තේ මං
සිතුවිලි සෑහෙන
ගිහි ජීවිතේ විදිනකල් ඇවිත්
හිටපං පාඩුවේ


මං උසම තැනක බෑ එන්න
කාලකන්නී සෑහෙන්න
හිතන් හිටපු මිම්මත් ලගයි පෑගෙන්න
හුදෙක් ඌරෙක්වත් නැති
උන්ගේ මුන්ගේම පැති හිගාකෑවෙ නැත්තන්
උඹට බෑ එන්න
උඹට බෑ වෙන්න


මෙහෙම කිව්වොත් උඹට කවුද බං මං
රිදෙන තැන් වල වේදනා නිවෙන්න යන්තං
හොයාගත්ත දෙයක් අපි කලාවක් කිව්වත්
පෙලපොත අරගෙන
අමර මල් කඩන හැටි බලලා නයනා
සල් මල පලල පෙන්නන
කෝ කපුගේ රන්වලගේ ගේ
මාලිනිගේ අද පින්තූර
ඒ බිත්තර කැඩිලා හැදිලා උන්
වැඩිලා අද ලිං වල
දවසක් පැල නැති හේනට දුවපු
උඹේ ඔටුන්න මට සිංහල

ඉස්ධූදි | Isdudhi by Manasick & Minol Witharana | Naraa Sandeshaya [2020]

විශ්වාස කලේ නෑ වෙනසක්
පෑරෙන පෑරෙන තැන්
පෑහෙනකම්
පෑගෙනකම්
දෑස් ඈස් හිඩස්ව විදි නිදහස
ඒත් තිබහක් මගේ ඔලුවේ හිලක් ද
මං මිලක් ද


මං බිලක් ද කියන්න
හිලක ජීවිතයට
ශේශයක් තියන්න
අමූලික මිත්‍යාමත හිස්ව දිස්වී
හදුනාගත නොහැකි උන්
කිව්වේ පිස්සෙක්
හැම කඩාගෙන
රුධිරය වෑහෙන කොට ගොදුරු වුන උන්
බලාගෙන රිදෙන බැල්මක්
මම වැදිච්ච දෑත්
ඇහැට අනින දෑ
නටන්න බෑ ගෙවිලා වගේ දැන් රිදෙන තැන්


තියෙනවා මට ලියන පෑනක්
හිටපන් දැන්
ලියනවා කතාවක්
ඒත් මට මතක නෑදවසක්
මිනිසෙක් වෙසෙකින් ඉපිද
හිසකින් සිරිස
අටලෝ දහමහ ඇත සැගවිලා
විදින සිදින සියලු දෑ
පිණිස කවර දෑ උඹ නෑ නිමි තිතක්.

ඩ්‍රිල් ටීම් වෙස්ට්නාහිර
බී හයිව් මියුසික්
ආහනවානම් අහපන් නැත්නම් හුකහන්.

මං මැරුණු දවසට | Man Marunu Dawasata by Manasick & Minol Witharana ft. Hiyum | Naraa Sandeshaya [2020]

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට
කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී


කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි
ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි
යන්නේ කර උඩින් හයකගේ හතකගේ
ඉන්නකම් පෑගුවේ හැතිකරේ නැතිකරේ
හොයාගනින් පාලුව උඹ වෙන මඟුලක්
මේක මගේ මළ ගම
එපා බල්ලෙකුවත්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට
වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුණු මල්වඩම්


බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන
කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

අම්භලමේ කථා | Ambalame Katha by Manasick & Minol Witharana ft. Samith Gomes & Hiyum | Naraa Sandeshaya [2020]

සුදු කලිසමකට ආඩම්බර තැලිලා
මගේ ඇඟේ හැප්පිලා යන පොඩි උන්
මතක් කලා කාලයක්
බස් රථයක බර කල්පනාවේ වැටිලා
මං ඇහැරුණු තැන
ධනවාදියෙක් විකුණනවා පෑන්
ඇයි මොකද මල්ලි
නැද්ද ඉගෙනගන්න සල්ලි
තියනවා ඒත් නිදහස් අධ්‍යාපනයට
ඕනේ වන්දි


මාක්ස්වාදී චේ ගුවේරා රැඩිකල්
අපි පාර දන්නේ
උඹේ අම්මට උකස් තියපු
මාලේ සල්ලි,
කාලකන්නී…. නිකන් බොරු බල
හොරු කඩකිය පොරකන වෙලාවට
අපිට සැපට හිතපන් වැඩට
යන වෙලාවෙම
කඳුළු ගෑස් නැතුව ඇඬෙන


උඹේ අම්මට තාත්තට
අධ්‍යාපනය උඹේ අතේ
අනාගතේ සමාජෙට
උඹට තේරුමක් ඇතත්
හේතුවක් ඇතත්
ගත්තෙ පෑන හිත හිත
මම ලියනවා උඹේ ගත්ත පෑනත්
ඉවරයි වගේ කැඩි කැඩී අනේ…
ෂික්…….

එහෙමත් නැත්නම් මේ පෑනත්
උඹේ ඔලුවට හිස් කබලක් ආවා
ඒත් ඔලුවක් නැත්නම්,
මේ මොනවද අම්මේ

මේක හන්තානේ කතාව
ශීත සර්පයින්ගේ විමාන
තෘඩු ගුරුස්ගේ රටාව
වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්
උපදිනා ඒ ශ්‍රද්ධාව
සරසවි ගැබ් වෙලාද
මේ හිස් වූ හිස්වල

මේක හරිම සරලයි
උඹලා වසර හතලිහක් පරණ
උඹලා ඉතුරුකලේ අවසානෙට
නවක වදය අවිසිව
කිව්වෙනම් අන්තර් විශ්ව විද්‍යාල
ශිෂ්‍ය බලය
උඹලා මඟ සලකුණු කලේ
ධර්මපාලේ අමාලි මරලයි
උසස් පෙලට වතුරේ දාලා වතුසුදු
විල ජපුරට ගමෙන් ආවා
ලහිරුලා හිඳ පිඟ සිටු
හොරට අහුලන් කෑවා ක්‍රමයෙන්
බොල ඉඦු ඉඳු
කඳුළු ගෑස් කසාවතට ගඩොල්
කෑලි දෙස සිදූ

මේක ගිනිබත් වුණු හීනයක්
මට ඕයි මිනෝල් අර ඇහෙන්නේ
නිදහස් අධ්‍යාපනයේ
ඉස්මුරුතාසස් විලාපද
හරයක් ඵලයක් පෙන්වා
ගමනක් යන්න එන්න කිව්වොත්
මුලාවකට මුවාවෙද සුරා සත්තු
සුරාසෙත
වටා නිට්ඨ වටා රවුමේ
කඳුලෙන් තෙම සුමානෙට
පෙලපොත් තවමත් දැක නෑ
හොවා හැට
සිසිර වෙනුර කිත්සිරි සටනත්
එක්කලා සුසානෙට


ලහිරු මහීන් නමින් නම් කල
අමුණන් තෙඹ තුවාලෙට
නිදහස් අධ්‍යාපනේ පහසුකම්
නැතත් පාස් වූ
දහම් පාසල් ඇයි ඕන නම්
උන්ට ටියුෂන් ක්ලාස් රූම්
උගේ මව පියා නම් ගෙවන්නේ ගාස්තු
උඹේ පිකටේ පිටට තට්ටු කලා
ඌ පෙන්නයි වැඩි උගේ මාර්ක්ස් ඌ

උසස් පෙල තෙක් ඉගෙන ගත්තුවා
ප්‍රායෝගික නෑ..
අපි උසස් තැනට ගෙනෙන දැනුම
කාලෝචිතත් නෑ..
කොටින්ම පුංචි පහේ පොඩි එකෙක්ගේ
සාමාන්‍යවත් නෑ..
දැනුම ග්‍රන්තාරූඪ වුණු එකෙක්ට
තානාත්තර නෑ..
ඇලපිලි ඉස්පිලි විද්‍යා ගණිතෙට
බයේ හවුහරනෙක..
සිසුවෙක් විෂයක් තෝරා ගතයුත්තේ
බහුවරණෙක..
නිදහස් වුණත් කොන්දේසිය
ක්‍රමයෙන් දුන්න බලකරන එක
ඔය විරෝධ මැතිවරණය
පල කරන එක

තණ කන ගවයෙක්
පොත පත කන්නේ නෙව කවයෙක්
පොඩි රූල් පොතක කොටුකරාම
හරියනවද ළමයෙක්
අන්තරය එකෙක් අරන්
දෙනවා මම වමේ කනට
දකුණින් ප්‍රසූතිය දෙන
උඹ වගේ නැති මෙවන් ළමයෙක්

අධ්‍යාපන කියන නිදහස ලැබ
ගිහිල්ලා ජපුර
කබුර කබුර දේශපාලන
කල්ලි කුරුමානම පඳුර
විදින්නේ මැරෙන්නේ හාවා
තොපි දෙන්නේ තාරුණ්‍යම පාවා


උඹලා ඉගෙන ගනින්
තොපිට වඩා හොඳයි අන්න අර
වන්නි කැලේ අරුන් ආව
අච්චර ප්‍රශ්න තියෙයි රටේ
මතක නැද්ද සැටිමෙ ලොකු විලාපේ
ලොකු නොබි තොපි උපවාස දැක
ඉර ගෙබෙකුගේ විලාපේ
අහගෙන හිඳලා හති
ඔය ගැන වැඩිය පැති
උපදි රැඩිය ශරිය
හොඳම හරිය වෙනකන්
නිදාගත් හොඳම


වූ…………………. පෙල ගැසූ
සිසුන් වේවි මිනිස්සු නිකරුනේ
අතරමන්කර කාලේ කමින් යන
හුරුකර දණ ගැසූ
යොද ගතන කාලය කරකවා වසර
සවි බිම තුල ‍සරසවා මොළ
කලතවා කන කරකවා එය
සවන් දෙමි උඹේ බණ පවා….

මේක හන්තානේ කතාව
ශීත සර්පයින්ගේ විමාන
තෘඩු ගුරුස්ගේ රටාව
වෙද නලාව කලාව
වෙනස් කලාද කවදාවත්
උපදිනා ඒ ශ්‍රද්ධාව
සරසවි ගැබ් වෙලාද
මේ හිස් වූ හිස්වල

ආසි | Aasi by Manasick ft. Minol Witharana | Naraa Sandeshaya [2020]

ලියන ගමන් පෑනෙන් නැත
හිස් තැන් වල තිත් පෑන් ඉරි
පොත වහගෙන ආයෙත්
මොලෙ රිද්දන් දෙන රිද්දෙන්නම

මොනවද බං කල්පනාව
මා මනසෙම වන්දනාව
නියම කාරනාව

මොනවද බං රැප්
සරිගම හත පාඩම් නැති
වැලමිටි වල තුවාල නැති
අද ගෑනිට බඩ වෙන්නැති
පොදු වැසිකිලි නිල මැසි වැනි
එකම වංශේ කබල් ගාන
ඇහේ ඇනුන කීර

දොල පිදේනි නැතුව ගන්නේ
මේක වෙස්ට්නාහීර

තොගෙ කැවුතු කන්න
යටිහිතේ ඉන්නෙ කවුද මන්දා
ගිනි අදුරු කුටියේ රක්ත වර්ණ
සැප දුක ඇතිල්ලේ වස්ස වන්න
ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න
මිනෝල්

මානසික් මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න

ඒත් මොකද බං
නියපොතු කපන්නේ පොරවක් නම්
දකින දෙයක් විනිවිද
විලිරුද හැදෙනකන් ඉන්නකන්

වෙනස නං
අපි හෙව්වේම වෙනස බං
ඒත්
අහනවා නම් අහපන්
නැත්නම් හුකහන්
පිණිසම වෙස්ට්නාහිර

ඇඟිළි සළකුණ | Agili Salakuna by Manasick & Minol Witharana ft. Randhir Witana | Naraa Sandeshaya [2020]

සිංහල රැප්,
උඹලා කියන තරම් භක්තිකද
සාදුකාරය පට්ට වාසි ගහපු උන්ගේ අත් ටිකට
මොළ කෑවා වසර දහයක් මාංශ භක්ෂිකම
කන්න තිබ්බ යසට පයින් ගහලා මම බත් ටිකට
හැඳුනේ ටී එම් හා සෝමසිරි මැදගෙදර
ටු පක් බීගී සීඩී අපේ අහලකවත් නෑ ගෙදර
දැන් උන් කියයි බ්‍රෝ මම රැප් කරේ සෙල්ලං ගෙදර
මුන්‍ට නොමිලේ සිංහල අය පන්නන්
කන්නන්ගරට


කිළිටි ගේ මුලේ චේ ගුවේරා භාවනා
බේකරියට ගත්තෙ නෑ
කිව්වා කියලා රාවණා
ක්‍රමය අන්ධ භක්තිකයි
අපිට නෑ විස්වාස කියල
මාක්ස්වාදි පොත් කියෝලා පලයව් විශ්‍රාම

උඹට බණ රැප්වල
සෑහෙන මිත්‍යාව
උඹ කන දේ දිරවන විදියට නම් විද්‍යාව
දැන් සෑහෙන ඌනතා පැතිරලා අද පෝලියෝව
ප්‍රවෘත්ති වලට කිව්වේ වැරදි කර වූ කෝකියෝ
දුම වස විස ගහන එක කෝටිගනනින්
ගෝලයෝ ද
අත් පොලොසන් දෙන අන්තර් යූ ටියුබය
ලෝලියෝ ද
ඕන සැපේ ඉන්නේ ඕනේ නෑ කියද්දි
රසවින්ද උන් එකෙක් කන්න ගැහුවේ නෑ
ස්මෝකියෝට

රැප් කරන්න බලය දෙන්නෙ නෑ සපත්තුවෙන්
සුරුට්ටුවක් නොගහා බෝනා ආවේ එදා
සෙරෙප්පුවෙන්
රැප් කලොත් ඉන්න බැරිද මව් ඔඩොක්කුවෙ
උන්ට ඕන බොලා බලා ගන්න ඒ මුඩුක්කුවේ
දෙයක් මතක නැති කරන්න අහපං දුමියාගේන්
රස්තියාදු වෙන්න ඕන විදිය අහපං ෆුලියාගේන්
මාර ෆන් අහපං දාලා ගියපු කලුවාගේන්
වටිනාකම් අහපං අපෙන් ඇයි අහන්නේ
යුකියාගේන්

උසම තැනක අපිට ඉන්න දීප පාඩුවේ
වළාකුලක් අඩිය තිබ්බොත් නිදහසක් දියාරුවෙන්
ෆොටෝ කොපිය ගහලා බොල ටා යාලුවේ
උඹේ මොළය කොලාජ් කරලා ගහන්නේ වටම
රාමුවෙ
විප්ලවෙ පෑනක් මාධ්‍යවේපී එදාවත්
සෞන්දාර්‍යය ගහපන් හෝලී කරලා මුන්ට
මෙගාබ්ලාස්ට්
ගීතාන්‍ය කපුගේ එරෙහි වෙද්දී කම්පනේකින්
නන්දා මාලිනී එළි කලා සත්‍යය ගීතයකින්
සමාජ විද්‍යා ඉගෙන ගත්තද විද්‍යා පීඨයකින්
මම සැපේ ගොසී ඉන්නේ


උඹලා බෝ වුනේ සෙල්ෆී කීටයකින්
හුදෙක් රසවින්දා බින්දා රින්ග්ටොන් ගීතයකින්
මිලියන මිනුම් දඬු ට්‍රෙන්ඩින් වසර කීපයකින්
අහනවනම් අහපන් නැත්නම් සෑහියන්
විනාඩි දෙක තුනෙන්
බටහිර යන්න සිංදු පන්නන්න එපා කලපුවෙන්
කර්මාන්තේ වද දී මැරුව හැටි පරපුරෙන්
රූපවාහිනී දාං බලපල්ලා ඇඟිලි සළකුනෙන්

මදි නොවනා සිත මගේ නොබැඳී…
කාසියක සිරවෙලා
රැළි නැඟෙන ගුවන් තලේ නොපෙනී…
දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත තෙලි තුඩක පාට
වලින් ලොව බොඳ කලා
විඩා බර දෑස හැඟුම් පට සේල වලින්
බැඳ තෙරපලා
අපි ඇස් වසා

පද්ධතිය කොට ගවුමක්
උස්සන එක උඹේ අවුලක්
ප්‍රශ්නයක් ඇහුවද කවුරුවත්
නෑ මචං නෑ බස්තම විසි කරන්න පුලුවන්
නහය මට්ටමට මට ඕන කඩන්න
උඹේ නාස්පොලු
හැබැයි කෑ ගහන්න බෑ
අපි වෙනස ගෑවෙන ගෑවෙන තැන ගෑවද තීන්ත
නැති පෑනක ලිව්වෙ නැති දේවල් සෑහෙන තරම්
ඇඳපු අම්මගේ ච්ත්‍ර වෙන්දේසියට දැන්
දෑ…මොත් තමයි මම
කොස් කොළ ඔටුන්නෙන් පත්තෑයෙක්
උඹේ දෑතින් අරන් සංගීතේ පරතෙර
බින්දා භේද පව පින


හින්දා පෙර අවදියක්
ලිව්ව රසින් කරදිය මං හෙව්වා පරතිය
ගොඩක් එවුන් ආවත් ගි‍යත්
උඹේ පස්සෙ ආපු උන්ටත්
කාපට් පාරක් දාල දියන්
ඒකට උඹලා කලේ රිව්වා වටේම දාර රියන්
භාර සිප්පාවේ මේ ලිවුම ලිව්වා රාජකාරී දියන්
දෙවියට දුන්න භාරේ වින්දා
කාලේ වින්දා හින්දා මල්ලි
වතුගම කිව්වත් ආය රිව්වත්
හෙන අතටම මගේ මනස කොඳුරා යයිද
සරිගම පදත් හිරිකිතක් වෙලා
මතක් කරගෙන කපුගේගෙ පැලේ
මඳින්නද ඔටුන්න, හඳින්නද ඔටුන්න,

මම රැප් ගායක දෙසවන් බලන්
විරසක විඩාබර පිරි අලි
තොපි නාවන නාවන සැනින්
වැටිලා මගේ ඔටුන්න
ගැලවෙන මැණික් පෑගෙන උන්
නෑ හිලුවොත් හොරුන්ද
කෑවද නෑවද සමාජයම
එකතුවෙලා බනින අනාගතේ
වැදුවෙ වෙන මොකුන්ද
අපි කැතට පේන හැටි
කැඩපතේ රැව්වේ වෙන මොකුන්ද
අහනවනම් අහපන්
නැත්නම් හුකහන් සර්
උඹලගේ නාස් පොලු කඩපු මටද
කිවිසුමත් පුරුද්ද…
කිවිසුමත් පුරුද්ද…

ඉඳා තියාගනින් ඔටුන්න
මම රැප් ගායක මිනෝල්
වස්නාහිර උඹලගේ හදවතින්ම,

මදි නොවනා සිත මගේ නොබැඳී…
කාසියක සිරවෙලා
රැළි නැඟෙන ගුවන් තලේ නොපෙනී…
දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත තෙලි තුඩක පාට
වලින් ලොව බොඳ කලා
විඩා බර දෑස හැඟුම් පට සේල වලින්
බැඳ තෙරපලා
අපි ඇස් වසා

එදත් අපි කියූ ඒ…
අදත් ඒ අගේ ඒ…
එදත් අපි කියූ…
එදත් අපි කියූ…
එදත් අපි කියූ ඒ..
අදත් ඒ අගේ ඒ..
එදත් අපි කියූ…
එදත් අපි කියූ…

ජාතිඛ තොඨිල්ල | Jhathika Thotilla by Drill Team ft. Minol | Naraa Sandeshaya [2019]

පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ

ජාතික ගීයත්, පාවෙන පීරිසියක් පාවීයං
කාගෙන හිටි සවානේ මැද මුං ඇහැ දාගෙන මනිනවා වියත්
හෙනම හෙන හෙනම වැදගත්, හොඳට ඇඳගත්, පොරලු වැදගත්
එතකොට පැලේ විදින මදුරුවෝ පලි
කර්කශ නිර්වානෙම නිස්කාරනේ
හුදකලාවද හුකලාවත් මට ගන්න බැරි වූ
කැඩපත මට කථා කරන තුරු බලා ඉන්නේ මං
හිතක නැතුව බුදුන්, සුර, මුදු, දුම්කුඩු
පිරිත් පැන් ඉහිනකොට කට අරින්නේ බං
හිතට දැනෙන හැටි , ප්ලේන්ටීයේ සිගරට් අලු කඩාන ආවත් පොලු කඩාන
විකට ඔලු කටු කුඩු කර හැඳි මිට දාං
ඒකෙම හැන්දෙන් බෙදනවා මං

ඒකෙම හැන්දෙන් බෙදනවා මං
ඒකෙම හැන්දෙන් බෙදනවා මං
ඔලු කටු කුඩු කර හැඳි මිට දාං

පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ

ආයිත් යං,
පිඬු සිඟා වඩින, හිකෙන මානසික රිටක පාටකල
පයිත් රන්
පුකේ ඉඳම්ම මාකටින්, මං ඉඳම්ම නාස්ති කලේ
ඊළඟ මාසෙත් අපි, ආයිත් හම්බෙලා
සිඟිති මානසික ස්.ස් පාගගෙන ච්.ච් පාගගෙන
ඇයි බං


උඹ පුල පුලා හිටපු ආසම පකයා මං නම්
පද්ධති ඇලවෙන ඇරඹෙන හැටි
එක පෙකනි වැලෙන් ඇඹරී දිගටම අහන්නේ මං නම්
උඹ නෙමෙයි ලක්ෂපති මං බං
පන තියෙන පෑනෙන් ලිව්වත්
පෑන ගත්තේ කඩෙන්, පෑන ගන්න සල්ලි, පව් බං
දැන් සතුටුයි උඹ දුවපං රව්මක්
ඔටුන්නක් කියලා බැඳං ලොකු පවුරක්
සකි, සකි, සකි, සකි


හුට පට කැබිලිත්තේ වගේ
නොදැනිම කට වරදින්නේ හිතලම වගේ
හිත වෙඩි ගඳයි, හිරිකිතයි මට, පිලිගන්න දෙන්න, පිලිකන්නක් අරං, පිලි ගඳ එන
විලිස්සන්න තරම් දෙයක් මෙකේ නෑ
එක්කෝ මං උඹට ලිව්වේ නෑ
ලිව්වා හුත්තෝ මං කිව්වේ නෑ
පෑනේ තීන්ත ඉවරයි ලියලා ඉවර නෑ

පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ

පොලව පලාගෙන යයිද
අහස දෙබැ කර එයිද
බෙල්ල කපාගෙන කයිද
කඩුව අමෝරා ඇයිද
යක්කු වඩාගෙන, එක්කෝ මරාගෙන, එක්කෝ මවාගෙන අපිට වැඩක් නැහෑ
තොපිලා මරාගෙන මැරුනට පස්සේ
කොහෙටද යන්නේ අපිනම් දන්නෑ