සත්‍යක් සොයා | Sathyak Soya by Minol Witharana | Naraa Sandeshaya [2020]

Sinhala song lyrics with music notes illustration

සත්‍යක් සොයා
දෑස පෙනෙන මානෙ
මා සායම් කලා පාට අරගෙන
දැක පැසැසුම් කලා මාව
හදවතින් ඒ තරුත් සැඟවිලා
මං පාට කලේ ඇහැට
වාද කලේ පෑන
තනි පාට වයිවාරණ
අංග චලන


එදා හඳට ලිව්වත් අද
ළඟට ගන්න බැරි පදිරි නෑලූ
කට කෙල නෑ කියාදෙන්න
ලියාදෙන්නම්
පොතකට පතකට අතකට
හිතකට ඉඩ හරින්න
ඇයි පුරවගත්තේ ඔලු
විසකට විඳගෙන හිත
පුරාම බොරු
වරෙන් හිත දමන කරන්
මං ළඟට බලන් මං
අඳින පාට දැන්
අසංවර සවන යදම් බැඳදමන
වදන් ගල්වනයෙන් මා අතින්
මා හදවතින්මයි

විශ්වය පුරා නැගෙනවා සිතුවිලි
සිතුවම් කලේ මගේ මනසයි
උඹේ සවණයි

ආලෝකය නැති විට
සෙවණැල්ලද මා අතහැර
යන්නේ වටපිටාව
මම තනි උනාම රතු උනාම
ඇස් බෑ කිසිවක් කර කියාගන්න
අපි ගෙනාව වෙලාව උපන්ම දා සිට
විනාව හිනාව ගෙනාවත් මනසට
විල විලාපේ ඉරිසියාවෙන්
නැටි ගැලවුනාම උනාද
මනුස්සයෝ


ගෙන ගෙන මත වෙන වෙනම
හෙලුවද නැත
හෙලුව නිරුවත් වෙලා
ඔලුව කුඩු වෙනකන්
පැලුවද කලු ගලක
නැත ඒ ප්‍රශ්න ඇත විසිරිලා
මද කිපෙනවද තාමත්
ඒ සප්ත ස්වරයකට
මම ලිව්වේ නිමෙන්න
වෙනස ඒකයි
නැද්ද ඔලුවක් හිතන්න
උඹ ලිව්වා මරන්න
මක් කරන්න

වෛරෙන් බයෙන් තැවෙන පේන්නෙ දේ
තේන්නෙ වෙන පේන්නේ
ඒත් අඳින් සෑම දේක බැඳුනු
තැල් නිතැල්ප හිතන්නත් මනසක්
නිතර නිතර පොර බඳිනවා
දෙනෙතින් මුවින් කියන කේන්න
තේන්නෙ වෙන වෙන විසිල් වදින
දෑසට පේන අංකිපන හේ හෑ වෙන
කැඩපතක බැඳිලා මම අඳිනවා..
විඤ්ඤානය මත පිපෙන
පැතුනද කිපෙන හැටි
අතකින් වැඩ කෙරුවා
පොතක ඉවර වෙන තැනක්
පෙන්නුවත් නිමි හිමි තැන


සාරාංශයක් හෙව්වා
මට පිලිකුල් බිලිව් පිරිස පිරිහිලා
පිබිදුනු කිනිස මිනිස අතර
නිතර මිතුරු වුණු
සුහද ගුණද ගතට පවද පිවිතුරු
විමසයි මිනිසෙක්
යන එන මඟ මුණගැසුණු

මේ ලියන වියන හීන ඇරුණම
කව්ද මම
පියෙන ඇස් කියන නිවන
මම මැරුණමද
විනිවිද දකින මිනිසුන්
අද පැහැදුනාත්
හීන වෙනවනම්
මා පැරදුනාත්
පුදුම වෙන මිනිසෙකුගේ
ඇරඹුමාත්

විශ්වය පුරා නැගෙනවා සිතුවිලි
සිතුවම් කලේ මගේ මනසයි
උඹේ සවණයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply