අවළස්ශන | Awalassana by Manasick & Minol Witharana | Naraa Sandeshaya [2020]

Sinhala song lyrics with music notes illustration

හිත කීරි ගසයි තනිකම
කරයි කුමන්ත්‍රන නොයෙක්
දේ විමසයි පිරික්සයි
විනාශ ජීවිත තාම විස්සයි
සොයමි ජීවිතෙ අගිස්ස
අතේ කිනිස්සයි
ඔය පාමුල ගැහුවෙ
මම දණිස්සයි
ඕනෙම නැති දේ
මට නම් විනිශ්වයි
කොනිත්තයි උඹලා කල
විහිලුව මට විහිලුවක්
නෙමෙයි යාලු හිරිගඬු
පුලුප්පයි

මම පන්තියෙ පස්සෙම
මගහැරියා හැම තිස්සෙම
ප්‍රශ්නෙම
මම පන්තියෙ පස්සෙම
විහිලුවක් වුනේ
උඹලට මගෙ වස්සෙම
කිව්ව මට තරබාරු
කැපුවා මාව තියාගෙන
ලෑල්ල උඩ පණපිටින්
වගේ මාළු
කොටු කලා මාව පවුර වගේ ගාලු
ලස්සන නෑලු හරි
ඇයි එහෙම කලේ යාලු

මොනවද අම්මෙ අකුරු ජාතියක්
අහනවා මගෙ අම්ම ළඟ
නැති කාලයක්
තාමත් එහෙම්මයි මම
උනා භාරයක්
තාත්තට දුන්නෙ නෑ
තුන්මාසේ දානයක්
ඕන වුනේ හැමදාම අවධානයක්
ඒත් මගේ ජීවිතෙ රජ කලේ
අවමානයක්…
අවමානයක්…
කන්න දුන්නෙ කෑම එක
උන්ට මම පාසලේ මාසයක්
අම්මා බිහිකල


අංග විකල
පාලමෙන් දමන්න මෙනෙහි කල
ලස්සන දරුවෙක්ලු හරි ඉහල
හිත සැරිසරන්නේ නියඳි වල
යනවා ගමනක් හොයන් ඉබාගත
ප්‍රශ්නය අද පැහැපත් හමේ පාට
වාරුව වයසට ගිය දාට
ඉඳුනු කොන්ඩේ
අද කලු කෙරුවාට

කැත විරූපි ලස්සන අවලස්සන
වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව
නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන
අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන්
කල වරදට ඉකිගස්සයි
දණගස්සන
මම හසංක හෙලා දකිනවා
වචනය අවලස්සන

මනසේ වැඩි වැඩි ඇවිද
කැපි කැපි නැවත
හිතින් තැතිගෙන නිතර
තැලි තැවි නැවත මතකයන්
අතර තැනි තැනී තියන
ඌ හැංගි හැංගී නිතර රූල්
පොතකුත් අතකින් අරන්
කල්පනාවක් ආවාම හූල
තැනක් නොතැනක්
ගානක්වත් නෑ
ගැහුවා ගල් ඇඬුවනම්
කමන් නෑ
ඒත් උඹ නිසොල්මනේ

උඹට රිදෙනවාද නිකන් ඇහුවෙ
දැනෙන විදිහට මිනිස් හිතකට
මනසකට පුලුවන් මතකෙට
තැවිලි දැවිලි දුක් ගැනවිලි
අතරමන් කරලා තනියම වේදනාව
දෙන හිතක් හඬවන්න පුලුවන්
ගෙන ඒ චේතනාවෙන්
වියන් තව කෙනෙකුට සිනහව
උඹට ඇහැනවාද අවජාතක
මොනවද කා ළඟ
ඉඳගත්තත් උඹ
මං ළඟ නම් ඉඳගන්
නෑ පලයන් පිටිපස්සට
මට ලස්සන දේවල් මට ලස්සනයි
අවලස්සනයි උඹේ

වෙනස මෙලෙස පේන ලෙස
නිවට නිහඬ හිත
නිසල ලෙස ගැඹුරු මුහුද
නෙත් තෙමන දුක සැප කිරණ
ළඟ නිදන හදවතට නිතර කියන
මගෙ නිවස කාගෙත් නිවස
දිරණ මේ කුණු සිරුර
උඹ නිතර විලවුම් පුරවාගෙන
චිත්‍ර මවාගෙන
ඉන්නේ ඇයිද කාගෙන
ඇයි වැරදි නෑ ඌ
හිටියත් බිම බලාගෙන
දිවිනසාගන්න තියනවද
ප්‍රශ්න මිතුරේ උඹට
උඹේ හිත හඳුනන


කෙනෙක් හිටියත් ඈ
හීන කලා අද ලොකුම
කොහෙද මනුස්සකම්
දෙවියන්ටත් නැති
හිතින් යැදපන් දෙවියන්ටත්
මං නැති
අද හවස ආයෙත්
ඉර නඟිනකන්
උඹ කිරපන් ජීවිතෙ අරුත

කැත විරූපි ලස්සන අවලස්සන
වෙනස්වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්‍රියාව
නොවේද මිතුරනි වියයුතු
අපෙ ලස්සන අපෙ ලස්සන
හෘද සාක්ෂිය පිරික්සපන්
කලවරදට ඉකිගස්සයි
දණගස්සන
මම මිනෝල් හෙලා දකිනවා
වචනය අවලස්සන..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply