ඇඟිළි සළකුණ | Agili Salakuna by Manasick & Minol ft. Randhir

Sinhala song lyrics with music notes illustration

සිංහල රැප්,
උඹලා කියන තරම් භක්තිකද
සාදුකාරය පට්ට වාසි
ගහපු උන්ගේ අත් ටිකට
මොළ කෑවා වසර
දහයක් මාංශ භක්ෂිකම

කන්න තිබ්බ යසට
පයින් ගහලා මම බත් ටිකට
හැඳුනේ ටී එම් හා
සෝමසිරි මැදගෙදර

ටු පක් බීගී සීඩී
අපේ අහලකවත් නෑ ගෙදර
දැන් උන් කියයි බ්‍රෝ
මම රැප් කරේ සෙල්ලං ගෙදර
මුන්‍ට නොමිලේ සිංහල අය පන්නන්
කන්නන්ගරට

කිළිටි ගේ මුලේ චේ ගුවේරා භාවනා
බේකරියට ගත්තෙ නෑ
කිව්වා කියලා රාවණා
ක්‍රමය අන්ධ භක්තිකයි

අපිට නෑ විස්වාස කියල
මාක්ස්වාදි පොත්
කියෝලා පලයව් විශ්‍රාම

උඹට බණ රැප්වල
සෑහෙන මිත්‍යාව
උඹ කන දේ දිරවන
විදියට නම් විද්‍යාව
දැන් සෑහෙන ඌනතා
පැතිරලා අද පෝලියෝව

ප්‍රවෘත්ති වලට
කිව්වේ වැරදි කර
වූ කෝකියෝ
දුම වස විස ගහන
එක කෝටිගනනින්
ගෝලයෝ ද

අත් පොලොසන්
දෙන අන්තර් යූ ටියුබය
ලෝලියෝ ද
ඕන සැපේ ඉන්නේ
ඕනේ නෑ කියද්දි

රසවින්ද උන් එකෙක්
කන්න ගැහුවේ නෑ
ස්මෝකියෝට

රැප් කරන්න බලය
දෙන්නෙ නෑ සපත්තුවෙන්
සුරුට්ටුවක් නොගහා
බෝනා ආවේ එදා
සෙරෙප්පුවෙන්

රැප් කලොත් ඉන්න
බැරිද මව් ඔඩොක්කුවෙ
උන්ට ඕන බොලා
බලා ගන්න ඒ මුඩුක්කුවේ
දෙයක් මතක නැති
කරන්න අහපං දුමියාගේන්
රස්තියාදු වෙන්න

ඕන විදිය අහපං
පුලියාගේන්
මාර ෆන් අහපං
දාලා ගියපු කලුවාගේන්
වටිනාකම් අහපං
අපෙන් ඇයි අහන්නේ
යුකියාගේන්

උසම තැනක අපිට
ඉන්න දීප පාඩුවේ
වළාකුලක් අඩිය
තිබ්බොත් නිදහසක් දියාරුවෙන්
ෆොටෝ කොපිය

ගහලා බොල ටා යාලුවේ
උඹේ මොළය කොලාජ්
කරලා ගහන්නේ වටම
රාමුවෙ

විප්ලවෙ පෑනක්
මාධ්‍යවේපී එදාවත්
සෞන්දාර්‍යය ගහපන්
හෝලී කරලා මුන්ට
මෙගාබ්ලාස්ට්
ගීතාන්‍ය කපුගේ

එරෙහි වෙද්දී කම්පනේකින්
නන්දා මාලිනී එළි
කලා සත්‍යය ගීතයකින්
සමාජ විද්‍යා ඉගෙන
ගත්තද විද්‍යා පීඨයකින්
මම සැපේ ගොසී ඉන්නේ

උඹලා බෝ වුනේ
සෙල්ෆී කීටයකින්
හුදෙක් රසවින්දා බින්දා
රින්ග්ටොන් ගීතයකින්
මිලියන මිනුම් දඬු

ට්‍රෙන්ඩින් වසර කීපයකින්
අහනවනම් අහපන්
නැත්නම් සෑහියන්
විනාඩි දෙක තුනෙන්
බටහිර යන්න සිංදු

පන්නන්න එපා කලපුවෙන්
කර්මාන්තේ වද දී
මැරුව හැටි පරපුරෙන්
රූපවාහිනී දාං
බලපල්ලා ඇඟිලි සළකුනෙන්

මදි නොවනා සිත
මගේ නොබැඳී…
කාසියක සිරවෙලා
රැළි නැඟෙන ගුවන්
තලේ නොපෙනී…

දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත
තෙලි තුඩක පාට
වලින් ලොව බොඳ කලා

විඩා බර දෑස
හැඟුම් පට සේල වලින්
බැඳ තෙරපලා
අපි ඇස් වසා

පද්ධතිය කොට ගවුමක්
උස්සන එක උඹේ අවුලක්
ප්‍රශ්නයක් ඇහුවද කවුරුවත්
නෑ මචං නෑ බස්තම
විසි කරන්න පුලුවන්

නහය මට්ටමට මට ඕන කඩන්න
උඹේ නාස්පොලු
හැබැයි කෑ ගහන්න බෑ
අපි වෙනස ගෑවෙන
ගෑවෙන තැන ගෑවද තීන්ත
නැති පෑනක ලිව්වෙ
නැති දේවල් සෑහෙන තරම්

ඇඳපු අම්මගේ ච්ත්‍ර
වෙන්දේසියට දැන්
දෑ…මොත් තමයි මම
කොස් කොළ
ඔටුන්නෙන් පත්තෑයෙක්
උඹේ දෑතින් අරන්

සංගීතේ පරතෙර
බින්දා භේද පව පින
හින්දා පෙර අවදියක්
ලිව්ව රසින් කරදිය
මං හෙව්වා පරතිය

ගොඩක් එවුන් ආවත් ගි‍යත්
උඹේ පස්සෙ ආපු උන්ටත්
කාපට් පාරක් දාල දියන්
ඒකට උඹලා කලේ
රිව්වා වටේම දාර රියන්

භාර සිප්පාවේ මේ
ලිවුම ලිව්වා රාජකාරී දියන්
දෙවියට දුන්න භාරේ වින්දා
කාලේ වින්දා හින්දා මල්ලි
වතුගම කිව්වත් ආය රිව්වත්

හෙන අතටම මගේ
මනස කොඳුරා යයිද
සරිගම පදත් හිරිකිතක් වෙලා
මතක් කරගෙන

කපුගේගෙ පැලේ
මඳින්නද ඔටුන්න,
හඳින්නද ඔටුන්න,

මම රැප් ගායක දෙසවන් බලන්
විරසක විඩාබර පිරි අලි
තොපි නාවන නාවන සැනින්
වැටිලා මගේ ඔටුන්න

ගැලවෙන මැණික් පෑගෙන උන්
නෑ හිලුවොත් හොරුන්ද
කෑවද නෑවද සමාජයම
එකතුවෙලා බනින අනාගතේ
වැදුවෙ වෙන මොකුන්ද

අපි කැතට පේන හැටි
කැඩපතේ රැව්වේ වෙන මොකුන්ද
අහනවනම් අහපන්
නැත්නම් හුකහන් සර්

උඹලගේ නාස් පොලු කඩපු මටද
කිවිසුමත් පුරුද්ද…
කිවිසුමත් පුරුද්ද…

ඉඳා තියාගනින් ඔටුන්න
මම රැප් ගායක මිනෝල්
වස්නාහිර උඹලගේ හදවතින්ම,

මදි නොවනා සිත
මගේ නොබැඳී…
කාසියක සිරවෙලා
රැළි නැඟෙන ගුවන්
තලේ නොපෙනී…
දියඹටම පාවෙලා
නිසොල්මන් දෑත
තෙලි තුඩක පාට
වලින් ලොව බොඳ කලා
විඩා බර දෑස හැඟුම්
පට සේල වලින්
බැඳ තෙරපලා
අපි ඇස් වසා

එදත් අපි කියූ ඒ…////

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply