Chandra Mandale Sathapuna / චන්ද්‍ර මණ්ඩලේ සැතපුන  –  Sunil Edirisinghe

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන

පුංචි සාවියේ…

මන්ද කියාපං නොකියා…

හැංගිලා ගියේ…
පහන නිවුන සේ පාලුයි

ලැයිම් කාමරේ…

මන්ද නුඹ ගියේ කියපං

පුංචි සාවියේ…
ලාබ රත්තරං දිලිසෙන

පාලු වීදියේ…

ගෑණු ලමයි පියාබලා

ඉස්සරත් ගියේ…

උන්ට සෙයිලමේ මගතොට

පාර වැරදුනේ…

අන්න ඒ නිසයි මට දුක

රත්තරං දුවේ…
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන

පුංචි සාවියේ…

මන්ද කියාපං නොකියා…

හැංගිලා ගියේ…
මාල බැදන් සුදු යකඩින්

රෝස මල් වනේ…

මාල ගිරව් ගේ දොරකඩ

සිංදු කිව්වෙලේ…

හීනෙනුත් හිතුනේ නෑ මට

මොකද කාරනේ…

පාර මතක නම් තාමත්

ගේ ලගයි දුවේ…
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන

පුංචි සාවියේ…

මන්ද කියාපං නොකියා…

හැංගිලා ගියේ…

පහන නිවුන සේ පාලුයි

ලැයිම් කාමරේ…

මන්ද නුඹ ගියේ කියපං

පුංචි සාවියේ…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *