දළදාව වැන්දාය | Daladawa Wandaya by Manakkalpitha [2025]

Sinhala song lyrics with music notes illustration

Intro

විශාලාව විය මහනුවරත් අද
ඇයිද කියා මා දන්නෙ නෑ

නාටකයේ තව කොටසක් දැයි
කියා අනේ මන්ද මට තේරෙන් නෑ

කිව්වද? නෑ V I P පොලිම්
ඉන්නං මං වගේ දැක්කේ නෑ

බැහැර කරන්නට හදපන් කුණු ක්‍රම
අපේ උන්ට මොල් ඇත්තේ නෑ

පොලිස් කාරයොත් සත්තු වගේ
හොද එකාට දුන්නලු ට්‍රාන්සරේ

කාපු බීපු දේවල් දාලා යන්න එපා
හිඟන්නාගේ පාත්තරේ

ඒත් පෝලිමේ උන්ලට උදව් කරන බොට
පිහිටයි බං රත් නාත්තරේ

ඕනම තැනටම ඕනම වෙලාවේ
කඩා පනින එකයි මාත් කරේ

රැල්ලට වෙනමයි, භක්තිය වෙනමයි
හැදුවානම් පෝලිම් දෙකක්

එහෙම උනානම් හොයාගන්නවත් නැතිවෙයි භක්තිය
පෝලිමේදි ඔය පේන තරම්

බුදුනුත් දුක් වෙයි නිවෙන්න දුන් මග
දුටුවානම් මුං විදින දුකක්

අනවබෝධයෙන් නිවන් මගේ තොපි
ඒ නිසා ඇස් ඇරපන් මිත්‍යාව මරන්

සමාවෙන්න අනේ කොරෝනාව
තොට බය නෑ දැන් අපෙ යක්ක පැටව්

සොරොව්ව වහලා කාපු එකා හරි
සතියයි හැමදේ මතක බොලව්

පෝලිමක් නෙමේ සමහර තැන්
දැක්කාමත් පුදුමයි මෙහෙම රිලව්

පිනට කලින් මේ උන්ට මොලේ
තව හැදෙන්නොන හරි ක්‍රමේ දියව්

නිහඩව ඉන්නට බෑ මගෙ අම්මේ
ඇගේ නහරවල් නලියනවා

ලක්මව වනසපු පාලකයොන්වත්
තාමත් අපෙ උන් නමදිනවා

දැන් වත් මාධ්‍ය නිදහස තියේවි
කියලා හිතන් මන් රැප් දෙනවා

ගරුත්වයට හරි නීතිය දීපන්
නැත්නම් සමාජේ විරුවව වනසනවා

හැමදාමත් වගෙ කාලෙන් කාලෙට
මොකක් හරි දෙයක් උඩ එනවා

හාල් පොල් සීනි පිටි තේ කොළ මිල
සායම් ගැහීලා යට යනවා

බොද උන බලතන්හා ආශාවට
එක එක කැටයම් හැඩ වෙනවා

රන් අකුරෙන් නම ලියෙන්නෝන
ඒත් උන් නිකන් අයාලේ චොර වෙනවා

බැතිය පිටාරව නුවර හැඩුවාය
පෝලිමෙ උන් ඇන කොටා ගත්තාය

බිමට දමා දළදාව වැන්දාය
මල් නමේ තිබුණේ බිම ඒ ශ්‍රද්ධාව

ඇම්බැක්කෙත් නැති කැටයම් දානව
සමහර කාකි මහත්වරූ

හොරුවගෙ පෝලිම් පනින උන්ට
හරියන්නෙ පුකට බැටන් පොලූ

රැක්කේ ඉතිහාසේ දළදාව පන
වාගේ අපෙ ඉතිහාසෙ රජවරූ

මුතුන්මිත්තන්ට වැන්දට පව් නෑ
පහනක් තියලා නිරතුරු

තනතුරු බලලා නෙමෙයි ඔව්න් රැක්කේ
පන පුදලයි හෙල රණවිරූ

පිවිතුරු කෝ බන් අපේ රැහේ උන්
සීසීකඩ විසිරුනු අයිරූ

කදුලක් ගලනව නේද උබලාට
අහද්දි මේ පොඩි රැප් එක

සප් එක දීපන් බට්න් එක ඔබලා
සල්ලි යනවාද උබලට

අපේ රැහේ උන් මේවා අහලා
හැදෙනව සත්තයි නිරතුරූ

කනහරහා මොලයට දෙන්නම් මං
වදං ගලයි බං ඔහෙ හිටූ

නගර සභාවේ සේවකයන් හට
වී අයි පී පොලිම් දුන්නා

වචන නෑ මචන් කියන්න ඒ ගැන
ඒකට නම් උබලට උම්මා

උනුත් වදින්නට ඕනේමයි බං
මේ බවයේදී දලදාව

ඊලග ආත්මෙ හොද තැනකම
ඉපදෙන්නට පතනව මගෙ මිතුර

ජීවිත පුදලා රට වෙනුවෙන්
දිවි පිදුවේ හදවතින්ම රනවිරූ

උන්ටත් vip ඕනේමයි
නැත්නම් කෝ බං මේ සතුට

සතුරට රට දුන්නානම් උබලට
වදින්න වෙන්නේ ප්‍රබාකරන්

වඩාගෙන ගිහින් වැන්දට පව් නෑ
පිං කද රැස් වෙයි මගෙ මිතුරූ

Written by Manakkalpitha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply