දම් පාට හැන්දෑවේ | Dampata Handawe by Rakitha Welangoda [2013]

Sinhala song lyrics with music notes illustration

A romantic sunset filled with warmth.

Song Lyrics

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී

හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුසුම මේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී

අම්බරේ රං ඉර සේ
මගෙ ලොවේ පෑයූවේ
මල් සුවඳ පරදවනා
සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා
ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී
දිවිය ඇති තෙක් මාගේ

දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ

නෙතුවිලේ පායාලා
ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා
ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා
පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ
ලියමු අපි අම්බරයේ

Song Information

  • Song Title: දම් පාට හැන්දෑවේ (Dampata Handawe)
  • Artist: Rakitha Welangoda
  • Lyrics: Rakitha Welangoda
  • Genre: Sinhala Romantic / Pop
  • Language: Sinhala


Song Summary

A soft romantic song capturing love shared during a serene sunset, filled with warmth and closeness.


Song Meaning

“දම් පාට හැන්දෑවේ / Dampata Handawe” portrays two lovers sharing an intimate moment at dusk.
Using imagery of sunsets, breeze, stars, and warmth, the song expresses emotional closeness, comfort, and the desire to remain together, highlighting love as a gentle, life-giving presence.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Dampata Handawe?

Romantic love, intimacy, and peaceful togetherness.

Who wrote this song?

Rakitha Welangoda wrote both the lyrics and music.

What type of song is this?

A Sinhala romantic pop ballad with poetic imagery.

Why is this song loved by listeners?

Because of its soothing melody, relatable emotions, and beautiful sunset-based metaphors.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply