A poetic tale of love and loss.
Song Lyrics
සරාසදක සිසිලස ගෙන ආ
කිදුරංගනී
වරාමලෙක මුවරද සොයනා
පෙම්වතානණේ
සද රේණු නෙතු අග තවරා
සැගවූ සෙනේ
කදුලු ගේන සිහිනෙක යලි මා
නොරදනු මැනේ
සදාතනික වූ සුසුම් වැල්
හදේ රන්දලා
සදානන්ද වූ පැතුම් මල්
අනේ පරවෙලා
හදේ රුවන් මාළිගාවේ
පහන් දල්වලා
ඔබේ ආදරේ මැකී යයි
සිත්තමක් වෙලා
සද නේන විල්තෙර මානේ
කොදුරා කියා
මගේ හීන මල් පෙති අදුරේ
විසිරී ගියා
පෙරදාක ඔය හිත හැරදා
මග වැරදුණා
හැමදාක රැදෙමී මතුදා
ඔබ හා සදා
පරාදවී ඔබේ පෙම් ලොවේ
හැඩූ දා එදා
මරා දැමූ නුරා පෙම් හැගුම්
සදා වියැකිලා
නුරාබරිත මුලාවෙන් වෙලී
දෙනෙත් අද වෙලා
නුඹේ ලොවට ගෙනා වේදනා
විදින්නෙමි මෙදා
සද නේන විල්තෙර මානේ
කොදුරා කියා
මගේ හීන මල් පෙති අදුරේ
විසිරී ගියා
පෙරදාක ඔය හිත හැරදා
මග වැරදුණා
හැමදාක රැදෙමී මතුදා
ඔබ හා සදා
සරාසදක සිසිලස ගෙන ආ
කිදුරංගනී
වරාමලෙක මුවරද සොයනා
පෙම්වතානණේ
සද රේණු නෙතු අග තවරා
සැගවූ සෙනේ
කදුලු ගේන සිහිනෙක යලි මා
නොරදනු මැනේ
Song Information
- Song Title: වරාමලෙක (Waramaleka)
- Artist: Rakitha Welangoda ft. Samodhya Thathsarani
- Lyrics: Rakitha Welangoda
- Genre: Sinhala Romantic / Acoustic
- Language: Sinhala
Song Summary
A lyrical ballad that paints love as a fading memory, blending longing, regret, and quiet devotion.
Song Meaning
“වරාමලෙක / Waramaleka” describes a love once gentle and luminous that slowly turns into sorrow.
The song uses poetic imagery—moonlight, dreams, and fading paintings—to express separation, regret, and the emotional weight of lost love, while still holding onto hope and remembrance.
Frequently Asked Questions (FAQ)
What is the main theme of Waramaleka?
Love, separation, regret, and emotional endurance.
Is this a duet?
Yes, it features vocals by Rakitha Welangoda and Samodhya Thathsarani.
Who wrote the lyrics?
The lyrics were written by Rakitha Welangoda.
What makes this song special?
Its poetic Sinhala lyrics and emotional imagery that deeply resonate with listeners.