in Sunil Edirisinghe, Uncategorized

Dewani Budun Lesa / දෙවැනි බුදුන් ලෙස – Sunil Edirisinghe

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……

දෙසවන් සනහා
මා නැලවූ ඔබ
මියුරු මියැසියේ
අරුත් කියාදුනි
ඒ මියැසියෙ… අද
මා ගයනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……

ඇසට අඩන්නට
කදුලැලි දුන් ඔබ
ළතැවුල් දරනා
දිරිය ලබා දුනි
ඒ දිරියෙන්…
ලොව ජය ලබනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……

Leave a Reply