Dewani Budun Lesa / දෙවැනි බුදුන් ලෙස – Sunil Edirisinghe

Sinhala song lyrics with music notes illustrationOfficial Sinhala lyrics post featured Image

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……

දෙසවන් සනහා
මා නැලවූ ඔබ
මියුරු මියැසියේ
අරුත් කියාදුනි
ඒ මියැසියෙ… අද
මා ගයනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……

ඇසට අඩන්නට
කදුලැලි දුන් ඔබ
ළතැවුල් දරනා
දිරිය ලබා දුනි
ඒ දිරියෙන්…
ලොව ජය ලබනා විට
මා සිප ගන්නට
ඔබ මා ලග නැත
අම්මා…
අම්මා…
අම්මා……

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලද
අම්මා…
අම්මා…
අම්මා……

Leave a Reply