එයා මෙයා | Eya Meya by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

අලුතින් office එකට
පේනා ඇහැට කනට
girl කෙනෙක් වැඩට ආවලු
ඒ සක්කරවට්ටම
බැලුවම හැමතිස්සෙම
ඔහෙත් එක්ක මුකුලු කරනවලු
දෙන්නගෙ මේ ලටපට
ගිහිල්ලා කනින් කනට
office එකම කතා කරනවලු
දැනගෙන මේ විස්තර
කට්ටිය එහා ගෙදර
ගමටම පත්තු කරනවලු

එයා මෙයා අරයා මොනවා කීවත්
ඔයානෙ මගේ රංකඳ හැමදාමත්
office එකට කවුරු කවුරු ආවත්
ඇහැක් ඇරලා බැලුවෙ නෑනේ තාමත්

ණයවෙලා හතර වටේ
යන්නට ලෝකෙ වටේ
අලුත් ඇඳුම් අරගෙන දෙනවලු
ඉඳල හිටලා මං ඇඳුමක්
ඉල්ලුවාම මෙන්න බොලේ
එතකොට සල්ලි නැහැල්ලු
cut එක දාලා වැඩට
රිංගලා hall වලට
box එකේ කැරම් ගහනවලු
මාසේ පඩිය දාට
ගිහිල්ලා hotel වලට
ඒකිට pizza කවනවලු

ඉඳලා හිටලා pizza එකක් කෑවත්
පරණ දෝසි කැටේ රහයිනෙ මට තාමත්
office එකට කවුරු කවුරු ආවත්
ඇහැක් ඇරලා බැලුවේ නෑනේ තාමත්

වෙනදට වැඩිය හොඳට
ඇඳගෙන ජැන්ඩි පහට
scent powder දාගෙන යනකොට
පරක්කු වෙයි එනකොට
මං යනවා මීටිමකට
බොරු කිය කිය රෑ වෙලා එනකොට
ජවුසන් නටලා නටලා
හොරෙන්ම ගෙට රිංගලා
පූසා වගේ නිදාගන්න කොට
සැකයක් හිතුනත් මට
අනේ මගේ මෝඩ කමට
හෙව්වේ නෑනේ කරුමෙට

එයා මෙයා අරයා මොනවා කීවත්
ඔයානෙ මගේ රංකඳ හැමදාමත්
office එකට කවුරු කවුරු ආවත්
ඇහැක් ඇරලා බැලුවෙ නෑනේ තාමත්
අනේ ඇයිද සුදෝ
බෝ පැලේ වාගේ ඉන්න මාව
සැකද සුදෝ

තමුසෙගෙ phone එකේ
තිබිලයි දැක්කෙ බොලේ
කාගෙද මේ photo එක
පිටි මුට්ටයක් වගේ
බලන්න කැතට කැතේ
මේකද අලුත් catch එක
නොදන්නකමට අපේ
අම්මලා දාපු ලෙඩේ
තිත්තයි මේ marriage එක
ගින්දර තියන් හිතේ
ඉඳලා මොටද අනේ
ගන්නවා මං divorce එක

divorce වෙන්න
මොන පිස්සුද නෝනේ
ඔයා නැතුව මට ඉන්නට බෑනේ
දැන් ඔය බොරු චාටු කතා
කියලා වැඩක් නෑ
අදින් පස්සෙ මේ කසාදෙ මට ඕනෙම නෑ
අනේ ඇයිද සුදෝ
බෝ පැලේ වාගේ ඉන්න මාව
සැකද සුදෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply