හිනැහෙන්න මට ඉගැන්නු | Hinahenna Mata Igannu by Milton Perera

හිනැහෙන්න මට ඉගැන්නු
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ
හිනැහෙන්න මට ඉගැන්නු

සිතුවිලි ගිර මිදීලා
යා නොදී වියරු වීලා
සිතුවිලි ගිර මිදීලා
යා නොදී වියරු වීලා
සහනයේ කැදලි හැදුවේ
හිනැහෙන්න මට ඉගැන්නු

හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා
හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා
හිස් දෑතිනි අද ඉන්නෙ
හිනැහෙන්න මට ඉගැන්නු

පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා
පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා
මා එපමණයි පතන්නේ

හිනැහෙන්න මට ඉගැන්නු
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ

Leave a Reply