in Shashika Nisansala

හිස් අහසට | His Ahasata by Shashika Nisansala

හමුවෙන්නෙ නෑ
දැකගන්න නෑ
සිත සොයන මේ ආදරේ
හදුනන්නෙ නෑ
මම දන්නෙ නෑ
නෙතු මවන මේ ආදරේ
නෙතගේ රැදෙනා
රුව නෑ දැකලා
හමුවෙනතුරු මම සොයමී

හිස් අහසට යමි පියඹා
දුර ඈතට යන්න සිතා
සුදු වලාකුලේ
දේදුනු අතරේ ගෑවී
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ

සිහිනෙන් මැවූ
සැමදා සෙවූ
සිත සෙව්ව ඒ ආදරේ
සැබැවින් මතු හමුවේ සිතූ
හද රැන්දූ ආදරේ
දසුනේ ඇදෙනා
සිතුවම සොයලා
තුරුලේ උනුහුම විදිමී

හිස් අහසට යමි පියඹා
දුර ඈතට යන්න සිතා
සුදු වලාකුලේ
දේදුනු අතරේ ගෑවී
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ
ඉගිලෙන්නයි සිත කිවේ
කවුරුන්දෝ සිත සෙව්වේ

banner

Leave a Reply