කඳුළු සලා නංගී | Kandulu Sala Nangi by Milton Perera

Sinhala song lyrics with music notes illustration

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ…

නිවසේ මිනි පහනක් ලෙස බැබලී
මෙපමණ කල් ඔබ සිටියා
දියකට ලෝකේ හිමිවන වරයක්
මේ මොහොතේදී අද ලැබුවා
මේ අපගේ ගේ දොර අප හැරදා යනවා
නව දිවියකටයි පා ඔසවන්නේ
මනමාලිය වන හින්දා නංගී
ගස් වල කුසුම් පිපෙන්නේ…

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ…

ආදර සැමියෙකු හට අත දෙන්නයි
මේ ඔබ සැරසී ඉන්නේ සැප සාදා
නව නිවස් ලියකගේ පතිවතදම් සුරකින්න
ආරේ සිහල හොඳ ගුණදම් රැකලා
ලෝකේ හොඳ නම වඩවා ගන්න
ඔය කඳුලැලි කැට පිසදාගෙන
දැන් නංගී සතුටින් යන්න…

කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේ
ජීවන සයුරේ ඉමිහිරි දිනයේ
මංගල කිංකිණි හඬවා
කඳුළු සලා නංගී ඇයි
දුකින් තැවෙන්නේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply