කවදාක කොහොම | Kawada Kohoma by Milton Perera

Sinhala song lyrics with music notes illustration

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඩෙව්වාද
ඔබ එදා ඉදන් කී දවසක් මා නැළෙව්වාද
දිනකදි ළංවීලා දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දවසක සැංගෙනවා

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

දිගටම එහෙමයි අද හෙට මතුත් එහෙමද
අප යන මග නිමවන්නේ කොහෙන් කොහොමද
ජීවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්
ආදරයක් රසවත් නැත ඒ වගෙ නැත්නම්

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේ
හැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply