කොල්ලො නරක නෑ | Kollo Naraka Na by Doctor [2011]

Sinhala song lyrics with music notes illustration

හැඩට දිගට වවලා අනේ
කොන්ඩෙ බැන්දට
ඇගට හිරට අන්ඩ දාපු
ඩෙනිම ඇන්දට
තිතට විදලා කනට
කරාබුවක් දැම්මට
ඉදලා හිටලා
තරුණකමට පිස්සු නැටුවට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

මමී ලගදී පුංචි එකා
වගේ හිටියට
ඩැඩී ලගට කිට්ටු වෙලා
දඩේ දැම්මට
යාලුවෝ සෙට් එකත්
රවුම් ගැහුවට
රෑජාමෙ ඇවිත් ගෙදර
බැනුම් ඇහුවට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

මොලේ නරක් වෙච්ච එවුන්
කියලා කිව්වට
බලා ඉන්න බැරි කට්ටිය
අපිට බැන්නට
කලේ නැහැනෙ වැරදි අනේ
කිසිම කෙනෙකුට
අපේ කොල්ලෝ බරක්
වෙන්නේ නෑනේ ලෝකෙට

කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
හිතන තරම්
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කොල්ලො නරක නෑ
කියන තරම්
කොල්ලො නරක නෑ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply