කුරුමිට්ටෝ | Kurumitto by Gypsies with Sunil Perera

Sinhala song lyrics with music notes illustration

පාවෙන්න පිරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නැ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ

කොයි දේසේ ඉදලද එන්නේ – අගහරු ලෝකෙන් අපි එන්නේ
මෙහෙ ආවේ කුමටද අපි මෙහෙ ආවට අකමැතිද
ඔය තරම මිටි මොකද හලෝ මිටි උනාට අපි රජ කොල්ලෝ
තනි කකුලෙන් හිටගතහකිද ඔලුවෙන් හිටගෙන පෙනමුද

පාවෙන්න පිරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නැ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ

කලාවේ තියේද නව පෙරලි – අපේ ලොවේ නැ බෙලි කැපිලි
නළු නිලියන් කොහොමද මල්ලි – එහෙ නැ ඇවිදින ඇටසැකිලි
නැටුම් ගැයුම් එහි තියෙනවද – ඔහෙලට වගේ අපිටත් බැරිද
එහෙනම් ගීයක් කියන්වන්ද – කියමු කියමු ඕවත් වැඩද

පාවෙන්න පිරිසියක් උඩ නැගලා
පිටසක්වලකින් මෙහාට බැහැලා
අවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ
අපි නම් නැ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දක්කලා ඔහෙලා
බලමුද පොඩ්ඩක් වතගොත අහලා කුරුමිට්ටෝ

දවසට පැය කියක් වැඩද – අටයි හැබැයි ඒ අටම වැඩ
වර්ජන තර්ජන එහි නැත්ද – අපේ නැ බොරු ගෙරවිලි සද්ද
ගැහැනුන් හට එහි සම තැනද – එයාල ගන්නවා නියම තැන
කැමති නැද්ද මෙහි නවතින්න – සුදුස්සාට නැ සුදුසු තැන
වැඩි දුර විස්තර අහන්නේ නැ – ඇහුවොත් නොකියා යන්නෙත් නැ
දැන්නම් යන්න දෙන්න බැරිය – පිස්සුද අපි යනවා චෙරියෝ

චෙරියෝ චෙරියෝ ලාල් ලාල් ලාල්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply