කුඩුවේ | Kuuduwe by Keefa X Chubby [2021]

Sinhala song lyrics with music notes illustration

ඉපදුනේ මම කූඩුවේ
කැලේ ඉන්න පුලුවන් කම තියෙද්දි පාඩුවේ
මගේ අම්මවත් ලඟ නැති මේ පාලුවෙන්
ඉන්න මාව බලලා සතුටු වෙන්නේ යාලුවේ ඇයි..

ඇයි නරක මිනිසුන් වෙන් කලේ මවු
එන්නේ අපිව බලන්න මිනිස්සු ගනන් නැවු
ඉඩ තියෙද්දි කැලැවේ දුවන්න ගනන් ගවු
අපිව හිර කරලා උඹලා ගෙවයි පවු

ඒවි ලමයි වඩන් සන්තෝෂෙන්
අපිව හිර කරලා හින්දනේ අපි ශෝකෙන්
කවද්ද මිනිස්සු මිදෙන්නේ මේ රෝගෙන්
අපිටත් විඳගන්න දෙන්නකෝ අපේ ලෝකේ

අපේ සමහරු සර්කස් වල වද
විඳිනකොට ඔයාලා හිනැහෙනවද
කස පාරක් ගැහුවොත් ඔයාලටත් රිදෙනවද
දුක හංගං අඬන අපේ කඳුලු පේනවද

නිදහස් හුස්මක් ගන්නට
ලැබෙන්නේ කවදාද කොහොමද
කූඩුවේම හිර උන ජීවිත
බලා සතුටු වෙනවාද

විඳින්න ආසයි මටත් අම්මගේ ආලේ
කූඩු දෙකක නොදැනි ගෙවෙයි කාලේ
මොකද්ද අපි කරපු අපරාදේ
ඒත් කවුරුත් අපි ගැන ඇයි නොකරන්නේ විවාදේ

බඩගින්නේ ඉන්නේ දෙනකම් අපි කෑම
කැලෑවේ හිටියනම් පාටිනේ හැමදාම
කවුරුත් අකමැති දඟ ගෙයි ලෑම
ඇලෙන් දොලෙන් නෙවෙයි වැස්සේ තෙමිලනේ නෑම

අහෝ දුක මේ කාට කියනු මන්දා
ගෙවන්නේ අපි පවු තිරිසනුන් හන්දා
විඳින ජීවිතේ තනිකර වින්දා
සතෙක් උනත් මටත් වටී මගේ බිලින්දා

නුඹගේ දරුවා සෙනෙහසින් වඩයි
එකෙක්ට එකෙක් නැතුව පැටියත් මමත් අඬයි
මස් පිනිස මරලා කකුල් කඩයි
උඩට පිං කරලා මිනිස්සු පවු වඩයි

නිදහස් හුස්මක් ගන්නට
ලැබෙන්නේ කවදාද කොහොමද
කූඩුවේම හිර උන ජීවිත
බලා සතුටු වෙනවාද

අපිව මරාගත්තොත් දඩයක්කරු පිදුම්
ලබද්දි කවුද දැක්කේ තිරිසනෙක්ගේ රිදුම්
උහුලන්නේ කෙලස මේ තරමට විඳුම්
තමාව උපමාවට ගන්න දෙසුවේ බුදුන්

අපිට කන්න දෙන්නේ අපෙම අය මරලා
මිනිස්සු නිවන් යයිද මෙහෙමත් පවු කරලා
ඉදිමෙන්න ගහයි බෙහෙත් එකට කටු දිරලා
අනේ ඒ මලකුණද අරන් යන්නේ කිරලා

මිනිස්සු විකුනන්නේ වටිනාකමයි කඳුලේ
හිර කරපු ගමන යතුරත් නෑ අඟුලේ
දවස ගානේ කිමිදෙයි දුක් ගඟුලේ
මිනිස්සු කියයි වැඩක් ද කුකුලා නැති මගුලේ

මුලු ජීවිතේම කූඩුවට කැපයි
කෙලෙහි ගුන නොදත් මිනිසා අත හපයි
අපේම මස් ගිලලා තොපි හොඳට දපයි
මේ මිහිපිට අපායේ මරනේ මට සැපයි

නිදහස් හුස්මක් ගන්නට
ලැබෙන්නේ කවදාද කොහොමද
කූඩුවේම හිර උන ජීවිත
බලා සතුටු වෙනවාද

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply