ලක්ෂ ගණන් වස්තු ලැබී | Laksha Ganan Wasthu Labi by Milton Perera

Sinhala song lyrics with music notes illustration

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා
සාරයි සාරයියා
සාරයි සාරයියා

මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ
හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ
කාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලා
රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා

අනේ අනිච්චං

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා

හීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලා
හීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලා
දෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලා
මූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලා

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා

ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා
මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා
දුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේ
බෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේ

ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply