ලංගම | Langama by Kamaj [2022]

Sinhala song lyrics with music notes illustration

(යා යා රස්ථාෆාරී හේ)

රතු පස්වල පස්යට කොල්ලෙක්
හංදියේ මල සිරුරු පිලිස්සෙන්නේ
භීෂණේ
ණය බර නිසා චීනය රජ වේ
බුදු බණ දෙස නා මිස දෙටුවෙක් නේ
අපි රැවටුනේ

ලංගම රථේ ගමනක් වගේ
මේ තීරණේ පපුවට දැනේ
පුෂ්කොල පොතේ ඉතිහාසයේ
එල්ලිලා මලේ ගොඩයන් පුතේ

හරකගේ මස් පමණක් විස වේ
කුකුලගේ මස් රසකර වළඳින්නේ
අපේ රටේ
ඇස් අන්ධද බලපන්
ඇයි හිත්වල ලොකු කම්
මං තීරුවේ පලයන්
එක හැන්දෙන් බෙදපන්

ලංගම රථේ ගමනක් වගේ
මේ තීරණේ පපුවට දැනේ
පුෂ්කොල පොතේ ඉතිහාසයේ
එල්ලිලා මලේ ගොඩයන් පුතේ

හිත වර්ණවත් චීනට වඳින අත්
බදුරා කැපුව ගස් ලෝකෙට පෙනුනම්
නීතියෙන් බැඳලා අත්
රීතියෙන් මැරෙන කම්
වීදියේ නිදියපන්
චීත්තයෙන් පොරවන් කන්
රෙව්ලූසනර් වෙමු බන් මිහිමරුවා පලිම
උඩට උස්සපන් අත් තවත් අදිමු කල්
අහසේ දෙවියෝ නෑ පොලොවේ මිනිස්සු නෑ
ඔලුවේ ශ්‍රද්ධාව නෑ ඔරුවේ හබල නෑ

කොලත් එකයි නිලුත් එකයි රතුත් එකයි
පුතත් එකයි සිරත් එකයි ස’රුත් එකයි
සිංහලයි මරක්කලයි දෙමලත් එකයි
එකට සරස්වති වැඩිලා කාපු ළමයි
මේවා මහජන සම්පත්
උඹලා නෑ කිසිත් තැම්පත්
මම ලියනවා මගේ රැප් බස්
වගේ උපුල් ශාන්ත සන්නස්

හිතට දැනෙන වචන මදි
කියාගන්න බෑ මට තාමත්
සතෙක් මං හාමත් භීෂණේ තාමත්
මේක වෙනස් කර ගන්නට බෑ
ඔය මොන මල යකා ආවත්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply