කොකේන් | Cocaine by Kelwiz [2022]

Sinhala song lyrics with music notes illustration

බහිද්දී කරන්නම් පැත්තක්ම මම පදිරී
මේ සෙල්ලම ගොඩක් උන්ට දැන් පැතිරී
තිබ්බේ නෑ තිත්, ඇවිද්දා සිහියෙන් පණ දේ හීන වලට උඩට නගිද්දී වටෙන් ඇද්දෙම මාව වලට

ඒයි Kelwiz!

ආහ් පොඩ්ඩක් අහලා බලමුද?

කොහේන් බැලුවත් වැඩිම ආලේ රැපට
Cocaine වගේ වචන දෙන්නේ මං නහයට
නහර වැඩි අහන්නේ නෑ කාගෙවත් වචන නාහෙට
හේතුවක් තියෙනවා මේ පෙන්නන මානෙට

විසි කරොත් සල්ලි, නටයි කෙල්ලෝ කල්ලි
වලි ඕනේ එකක් හුරුයි, මං හොයන්නෑ Whiskey Brandy
ඔව් මට ග්‍රන්ති ඒකයි දගලන්නේ නෑ ගියේ පංති
බලපන් සෙල්ලමේ උඩම ඇති නමක් තියේවි

වටේන් කියපු ගොඩක් කතා කිව්වේ නෑ මූණට
ඉඩෝරයක් ආවත් ගහේ අදාල නෑ මුලට
Smokah කිව්වා වගේ ගොඩක් උන්ගේ ගති සුනඛ
සලකන්නේ ඇඳුමට නෙවේ මනුස්සකමට

මං උත්තර දෙන්නැත්තේ මං දිනන නිසා
මාව යටින් ඇද්ද උන්වත් මං උඩට ඇද්දා
සිංහයෙක් කැලේ රජා වුනේ ඉදිද්දි ඇතා
වදන් ලියනවා මං දින මාස සති පතා

වටේ පිටින් එපා දෙන්න මට චරිත සහතික
පාඩුවේ ඉන්න මං ඇවිස්සුනොත් මං වෙන්නේ සාහසික
හුරුයි කකුල් දෙකට ඕනේ පැත්තක් කකුල් දෙකට ගම් නාගරික
කල් ගිහිල්ලයි ගෙවන්නේ රැප් සෙල්ලමට මං වාරික

තැන ගැන දන්න නිසා දගලන්න ඇති
දන්නැති කාලෙ කාටත් වරදින්න ඇති
ඇත්ත නිසා කිව්වේ ගැහුවේ නෑ පම්පෝරි කටින්
උඹලා දාගෙන පස්සෙන් යන කෙල්ලෝ මටනම් Nothing!

කාලයක් හිටියා තියන්න බලන් මමත් අඩි
පටන් ගද්දි නෑ ඔල්වරසන් වටෙන් අත්පුඩි
දෙන්නේ Load කරලා එක පිට වෙඩි
අදාල නෑ මට Lord පකීර්ලා ඕනේ දේකට මං Ready

පිපාසෙන් දුවන්නේ වතුර හොයන් වගේ රැප් කාන්තාරේ
එළි හෙව්වේ නෑ තනියෙන් මං ඇවිද්දා අන්ධකාරේ
ඉස්කෝලේ ගොඩක් නැති දේවල් ඉගෙන ගත්තා පාරෙන්
හිටියේ කන යට දීලා බලල්ලූ වාරේ

ආවාරේ දෙන්නේ රැප් වාරු නිසා මං ඉද හිට
ලංකාවේ වෙන්නේ හැමදේම කනපිට
මං ඇවිල්ලා ඉන්නේ උඹලගේ රාමුවෙන් පිට
මං ආපු පාර දරුණුයි ඒකයි හයිය හිත

බහිද්දී කරන්නම් පැත්තක්ම මම පදිරී
මේ සෙල්ලම ගොඩක් උන්ට දැන් පැතිරී
තිබ්බේ නෑ තිත්, ඇවිද්දේ සිහියෙන් පණ දේ හීන වලට උඩට නගිද්දී වටෙන් ඇද්දෙම මාව වලට

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply