in Ajith Muthukumarana

මංගල මුදුව | Paladuwa Oya Mangala Muduwa by Ajith Muthukumarana

මා පැළදුව ඔය මංගල මුදුව
අපේ ආදරයේ මතක සැමරුම
සඟවාගෙන ඔබේ අතැගිලි අතර
ඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල

මල් සුවඳ කියා දුන් ඔය දෑසේ
ලස්සනටම යයි තරු කැට අහසේ
වෙන්වෙලා ගියත් ඔබ හොර රහසේ
මට මතක් වුණා අපේ ඉතිහාසේ

ආදරයට හුරු පුරුදු කල ගති
පව් කරන්න ඇති ඔබට මට බැඳී
ගිණි ඇවිළෙන සිරි යහන නැ පලි
මේ කුලගෙය දැන් පාලු සොහොනකි

banner

Leave a Reply