මගේ උපන් දින | Mage Upan Dina by Milton Perera

මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා

මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා…

ලොවේ වෙසෙන තුරු නොමියෙන නොහැරෙන
කුසුමක් පිබිදී ඇතත් සිතේ
උදේ පුබුදු වී සවසට මැලවෙන
මල් නැතිවට මට කමක් නැතේ

දෑසින් ගිලිහෙන කඳුළු බින්දු ගෙන
හද තුල පිපි මල තෙමන්නෙමි
සිහිනෙන්වත් කිසි වෙනසක් නොව මා‍
මෙලෙසින් නිරතුරු වසන්නෙමි

මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *