මල් රැප් ජාතකය | Mal Rap Jathakaya by Dulan ARX [2022]

Sinhala song lyrics with music notes illustration

මං බූමරංගෙ වගේ කැරකෙන්නේ ඔළු අතරේ
වෙන්නේ නෑ නතරේ දැන් පැද්දෙන්නකෝ මිතුරේ
රාමුවෙන් බැහැරේ දුක නසන යතුරේ
මගේ තාලෙට ගැස්සිලා කොල්ලෝ “නිමල්” උනත් ඇහැරේ

ආහ්
මං දන්නෝ යට පඩියේ රඟේ.. ආහ්
බලපං උඩ පඩියේ රඟේ.. ආහ්
හැබැයි දෙපතුල් බිම මගේ
තප්පුලපන් තව ඒවා වදින්නෑ මගේ ඇඟේ.. wooh

අපි මේකෙන් කාලා ඇඳලා ඉද්දි ඇයි ? (ඇයි)
තොපේ ඇඟේ නටන්නෙම මාළු ඒයි (ඒයි)
ඉරිසියාවනන් ඉරිසියාව බ්‍රෝ (haha)
දන්නවා නම් පුටින් උනත් ඇඹරෙයි (hooo)

හතුරයි කලේ මාව මුවහත්
සෙල්ලමේ “unicorn” වැටුනත් නැගිට්ටා මං ආයේමත්
හිටවයි බතල කටින් හැබැයි ක්‍රියාවයි වැදගත්
පිල්ලි කුහක මුන්ගේ ඇඟ පුරාම අරක්ගත්

මං චිල් එකේ ඉන්නේ (ඉන්නේ)
ගිනි නෑනේ මං දෙන්නේ (දෙන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි
සීන් එකේ ඉන්නේ

පාගල් එකේ යන්නේ (යන්නේ)
තෙල් නෑනේ හංගන්නේ (ගන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි
සීන් එකේ ඉන්නේ

සිහි කැඳවීමයි සංගීතේ අතීතයක්
ආපස්සට හැරිලා බලපං ආයේ දශකයක්
දාලා ගිය ගෑනි නිසා එකම විලාපයක්
කොල්ලෝ හැපි හැපී අඬයි අවසානේ මරණයක්

ඒවා තමා අපිනං දැකපු “මල් සින්දු”
ආත්ම ගරුත්වය බිංදු දරාගැනීමද බින්දු
විශාදයෙන් පනින රිලවට ඉනිමං බැන්දූ
ඒකයි පෑනෙන් හෙව්වේ වෙනසක් කලාවේ සින්දු

මුන් දන්නේ genre දෙකයි
එකක් Rap එකක් “මල්”
අපි ලෝකෙත් එක්ක දුවයි තොපි එක තැන පල් (yeah)
ඔළු කාලා පොඩි උන්ගේ ඒවා වෙලා කුරුවල්
කියා දියන් මුන්ට සංගීතේ except “මල් රැප්”

Shout out to චමා, ස්මෝකා, ශානා උඩටම නගිමු පඩි
Kaiz උඹ කිව්වා හරි මටත් වැරදිලා තිබුණා අඩි
දෙයියෝ දුන්නෑ මල්ලි අහසට තියනකන්ම වෙඩි
Rap සින්දු විතරක් කරන්නං මාසෙට ගෙවපන් පඩි

මං චිල් එකේ ඉන්නේ (ඉන්නේ)
ගිනි නෑනේ මං දෙන්නේ (දෙන්නේ)
උඹ බන්දු නම් මම අන්දරේ හැබැයි
සීන් එකේ ඉන්නේ

Lyrics by Dulan ARX

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply