Sinhala song lyrics with music notes illustration

Load වෙන්නෑ
FB Twitter බ්ලොක් වෙලා මුකුත් දාන්න බෑ
Whatsapp නෑ
Forward යවන්න යවන්න යන්නේම නෑ

Insta tiktok views නැති ජීවිතයක් මට වැඩක්ම නෑ
youtube හලලා ආයේ ගොන් ටීවි චැනල් නම් බලන්න බෑ

Block හිර වෙලා ස්ලෝ වෙලා කෙලවෙලා
මොකටද ඉන්නේ දාගන්න VPN
එකම අකවුන්ට් එක පවුලේ සැමටම
රස විදින්න ගමු VPN

අයියට අක්කට නංගිට මල්ලීට
එහා ගෙදර වල් සිරිමල් මාමට
ඕනම කෙනෙකුට
ඕනම වැඩකට
පනින්න ගනින්කෝ VPN

තනිකඩ මට ආතල් එකේ බලන්න
අලුතින් එන Shows හොයන කොට
අලුතෙන් සෙට් උන ලව් එක Kardashians
වගතුග කියන කොට
බැදලා එකම shows බල බල ඉන්නකොට
දික්කසාදේ අත වනන කොට
Daddy Mummy කෝ Paperplanes කිය කිය ලමයා මැරෙන්න හදනකොට

Singleswingle කරන්න netflix
චිල් එක මදි නම් VPN
Kylie Khloé Kourtney Kim
දැනගන්න දාගන්න VPN

පඩි බේරන්න
කසාදේ බැලන්ස් කරන්න
ලමයට සංගාගේ ඇක්සන්ට් දෙන්න
දැන්ම දාගන්න VPN

හොදටම කරලා
රටටම ඇරලා
අපි දැන් කන කටු සැපද

අදහසකට ඇති නිදහසවත් අපි
වහල් නොවී රැක ගමුද
anonymous ට ඇනයක් වෙන්න
Online ආතල් memes බලන්න
බඩුමිල පෝලිමේ ජීවන වියදමෙන්
ටිකකට නිදහස් වෙන්න

දශක හතක නිදහසකට
අපිට ලැබුනු සැර නිදහස VPN
හොර පොලිටික්කන්ගේ
ආච්චිට හාල් ගරපන් ඔන්ලියින් එක VPN
Curfew දැම්මත් පාරේ බ්ලොක් කරන්න බෑ social රාවේ
කලුවර ජරමර බර බර අස්සේ
එකම සරන Norde VPN

Written by Gehan Blok & Dino Corera

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply