පාපොච්චාරණය | Papochcharanaya by Kelwiz [2022]

Sinhala song lyrics with music notes illustration

මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි

මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි
හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි

නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
ගලපන්නේ වචන පෑනකින්
වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී

රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ

පවට පින දෙන්න සමරු පොර කති
මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්

ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්

මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ
කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ

පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
ඇත්ත දැනන් බොරු දේවල් වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා

කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
වචන ගැලපෙන්නේ හදවත රත්වී

කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන

ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්

අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
දැන් මට මම සමාව දෙනවනේ ඉතිං

රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං

ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං
මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්

මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට

වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply