in Damith Asanka

මං හින්දා | Man Hinda by Damith Asanka

මං හින්දා කවදාවත්
කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක
නුඹට දැණෙනු එපා
ඒ වේදනාව බර වැඩියි
ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ

මතකයිද ඔබ දුන්නු මුල්
හාදුව
මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම
උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව
සුන්දර ලොව
නුඹ ඉන්න යන තැනක
සතුටින් හෙට

යළි දිනක හමුවන්න මම
පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ
නුඹ සඟවමි
රැක ගත්තු අපේ මතකේ මම
සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ
නැති තනි

මං හින්දා කවදාවත්
කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක
නුඹට දැණෙනු එපා
ඒ වේදනාව බර වැඩියි
ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ

banner

Leave a Reply